"බය වෙන්න දෙයක් නෑ මිස්ට කිම්...දැන් පේශන්ට් ගොඩක් හොදින්...එයාට ඉක්මනට සිහිය එයි....! ම්ම් ඒත් එයාට කළුවර තැන් වලින් ඈත් කරලා තියන්න...විශේශයෙන් තනියම ඉද්දි...ආපහු මෙහෙම ශොක් එකක් එන්න බැරි කමක් නැ....අපි දිගටම ට්රිට්මන්ට් කරමු...මං හිතනවා කාලයක් යද්දි ඒක අපිට අඩු කරගන්න පුලුවන් වෙයි...."
ඩොක්ටර් ජින්ව පරීක්ශා කරලා නම්ජූන්ට තවත් උපදෙස් මාලාවක්ම දීලා රූම් එකෙන් එලියට යද්දි නම්ජූන් ජින් දිහාට අඩි තිබ්බා...
ජින්ගෙ උණුසුම් අතකින් අල්ලන් ඇදේ පැත්තකින් වාඩිවුන නම්ජූන් ජින් දිහා බලන් හිටියේ මේ මාස පුරාවටම එයාගෙන් ගිලිහිලා තිබුණු ලස්සන හිනාවත් මූණෙ රදවන්....
"මගෙ මැනික..මං ඔයාට ආදරෙයි ජින්...ගොඩාක් ආදරෙයි...අවුරුදු අටකට කලින් දැකපු පුන්චි කොල්ලා නෙවේ දැන් ඔයා...ඒත් මට තාමත් ඔයා ඒ හුරතලේම තමා...මගෙ තාත්තා නිසා ඔයාගෙ මුළු ජිවිතේම විනාස වුනා...ඔයාගෙ අම්මාව ඔයාට නැති කරෙත් මං කට පුරාම තාත්තායි කියපු මිනිහා.....! තව ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා මැනික ඉක්මනට නැගිටින්න ඒවා අහන්න...."
නම්ජූන් ජින්ගෙ නලලින් තමන්ගෙ නළල තියාගෙන කදුලු පිරුණු දෑස් වහගෙන මිමිණුවේ ජින් නම්ජූන් කියපු හැම දෙයක්ම අකුරක් නෑර අහන් ඉන්න බව නොදැන....
^__^
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(