12 . වැරදි වැටහීම

182 46 3
                                    

"අනේ ජූන්..අතාරින්නකෝ...අනේ ඇයි මේ...?"

"ඇයි...? දන්නෑ වගේ ඇයි කියලා අහන්නේ මොකද යකෝ... හහ් තමුසෙට මාව පේන්නේ මොකෙක් වගේද...? තෝ අර කොහෙවත් යන බල්ලෙක් එක්ක ඇලිලා ඉද්දි මං නිකන් බලන් ඉදී කියලා හිතුවද...? නෑ ජින් උබට වැරදිලා...මොකක්ද උබ කලින් කීවේ ආ...මට අසහනේ කීවා නේද...මට නෙවේ යකෝ තොටයි අසහනේ...තොට මං හොද උනා වැඩි....!"

නම්ජූන් කෑ ගහන ගමන් ජින්ගේ මැණික් කටුව ගාවින් අත තවත් තද කරලා ඇදන් ගියේ කිම් මැන්ශන් එකේ තිබුණු පරණ කාමරයක් අස්සට....

ජින් නම්ජූන්ට කරුණු පැහැදිලි කරන්න කොච්චර උත්සහා කරත් නම්ජූන් ජින්ට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී ජින්ගේ පෙර වැරදිත් මතක කර කර ආඩපාලි කියන්න ගත්තා...

ජින්ව දූවිලි පිරුණු ලා අදුරක් තිබුණු කාමරේ අස්සට තල්ලු කරලා නම්ජූන් දොර අගුලු දැම්මේ ජින් දොරට ගගහා කෑ ගහද්දි...

"අ..අනේ ජූන්...අනේ මේක අරින්න...අනෙ මට මෙහෙම කරන්න එපා..ම්..මං කියන දේ අහන්නකෝ...අනේ ජූන්....!!"

ජින් කොච්චර කෑ ගැහුවත් නම්ජූන් ඒ කිසිම දෙයක් නොඇහුන ගානට කාමරේට ගියේ වොශ් එකක් දාගන්න....

නම්ජූන්ගෙ පැත්තෙන් බැලුවොත් මේක පොඩි දඩුවමක්...!!

ඒත් ජින්ගෙ පැත්තෙන් බැලුවොත්....!?¿

^__^

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now