ජන්කුක් එයාගේ ඇඟිලි තුඩු එයාගේ කොණ්ඩේ අතරින් යැව්වේ අන්තිම වතාවටත් කණ්ණාඩියෙන් එයාගේ රූපය දිහා බලන ගමන්. එයාගේ කඩවසම් ඇඟට සමහරවිට ඕනවටත් වඩා ටිකක් තද වෙච්ච කළු පාට සූට් එකේ උඩම බොත්තම දාගත්ත ජන්කුක් ඉක්මනින්ම බාත්රූම් එකෙන් එලියට ආවේ කාර් එකේ යතුරුයි එයාගේ සන්ග්ලාසස් දෙකයි අරගෙන එළියට දුවන්න බලාගෙන. එයා එයාගේ ෆෙරාරි එකට නගිද්දි බාගෙට දාලා තිබ්බ එයාගේ ටයි එක ගැලවිලාම ගියා.
එයාගේ රෝලෙක්ස් ඔරලෝසුව දිහා බලද්දි ජන්කුක්ට තේරුනා එයා හොඳටම පරක්කුයි කියලා. එයාට ජීවිතේට සහභාගී වෙන්න වුවමනා වෙච්ච නැති අවමංගල්‍ය උත්සවයකට එයා හොඳටම පරක්කුයි. ජන්කුක්ගේ අම්මා බල කරලා හිටියා එයා එන්නම ඕනේ කියලා. නැත්තම් එයා යන්නෙත් නෑ.
ඒක වයසක ගෑනු කෙනාගේ අවමංගල උත්සවය. ඇත්තටම ජන්කුක් තවමත් එයාගේ නම දන්නේ නෑ. එයාට ඒක දැනගන්න වුවමනාවක් තිබුණෙත් නෑ. ඒ ගෑනු කෙනා ගොඩක් කාලෙක ඉඳන් එයාලගේ අසල්වාසියා වගේම පුංචි කාලේ ජන්කුක්ගේ නැනී වුණා. ඒත් ජන්කුක්ට එයා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. එයා ගැන ජන්කුක්ගේ මතකයන් වුණත් හරිම අපහැදිලියි. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ අවමංගල උත්සවයක් වෙනුවෙන් තමයි අද ජන්කුක්ට එයාගේ වැඩයි වර්ක් අවුට් කරන එකයි මිස් වුණේ. ඒ දෙක තමයි ජන්කුක් මේ ලෝකේ කරන්න ආසම දෙක.
කාර් එන්ජින් එකේ හුරුපුරුදු සද්දය ජන්කුක්ගේ හිත මදක් සන්සුන් කලා. එයා ෆෙරාරි එක ගැරේජ් එකෙන් එළියට දාද්දි එයා හිටියට වඩා හිත හදාගෙනයි හිටියේ. ජන්කුක්ගේ ෆෙරාරි එක එයා එයාගේ තාත්තගේ කම්පැනි එකේ වැඩ කරන්න පටන් ගත්ත අලුත එයාට හම්බුන තෑග්ගක්. මිස්ටර් ජියෝන් එයාගේ පුතාව කම්පැනි එකේ ඊළඟ අයිතිකාරයා විදිහට පුරුදු කරවන්න හොඳම ක්‍රමය කියලා තීරණය කරලා තිබ්බේ ඩිපාට්මන්ට් එකෙන් ඩිපාට්මන්ට් එකට සැරින් සැරේ ජන්කුක්ව මාරු කරන එක. ඒත් ජන්කුක් වෙළඳපළ විශ්ලේෂණ කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ එයා ඒකට උපන් හැකියාවක් පෙන්නුවා. එයා කොච්චර හොඳද කිව්වොත් එයා එක්ක එකට වැඩ කරපු අය වුණත් ජන්කුක් ගැන ගොඩක් හොඳ කතා කළේ එයාගේ තාත්තව ගොඩක් සතුටට පත් කරවලා. ඔයින් මෙයින් ජන්කුක්ට ඒ ඩිවිෂන් එකේ දිගටම වැඩ කරන්න හම්බුනා. එයා ඒකට ආදරය කලා.
YOU ARE READING
Young Money (Jikook Ongoing)
Fanfiction-sinhala translation Jungkook's place in the world of money had been determined since his birth. He never went against his parents' plans, seeing no point in opposing. When he meets his future brother-in-law, his structured life gets an interesting...