D-7

88 28 9
                                    


ජන්කුක් සහ ජිමින් සෙනසුරාදා උදෑසනක එයාලා කලින් දවසේ ඇඳුම් ඇනවුම් කරපු කඩයට යද්දි මිස්ටර් කිම් සතුටු මූණක් එක්ක එයාලව පිළිගත්තා.

"සුබ උදෑසනක් , මිස්ටර් ජියෝන් , මිස්ටර් පාක්. ඔයාලගේ ඇඳුම් සූදානම් කරලා තියෙන්නේ. මට විනාඩි කිහිපයක් දෙන්න"

මිස්ටර් කිම් කඩිමුඩියේ පිටිපස්සේ කාමරයට ගිහින් නිදාගෙන හිටපු මිස්ටර් මින් වත් ඇහැරවන ගමන්ම අවසාන වැඩ කිහිපය විතරක් ඉතුරු කරලා තිබුණ එයාලගේ ඇඳුම් අරන් ආවා.

"අපි මනමාල මහත්මයාට මුලින්ම ඇදලා බලන්න දෙමුද ?"

එයා ඇහුවේ එක ඇහිබැමක් උස්සන ගමන්. දෙන්නම ඒකට ඔළුව වනලා එකඟ වෙද්දි මිස්ටර් කිම් ඇඳුම් කාමරය දිහාවට ජිමින්ට මඟ පෙන්නුවා.

මිස්ටර් කිම් සහ ජිමින් අතුරුදහන් වුණ ටිකට නිදිමතේ ඉන්න මිස්ටර් මින් ජන්කුක් හිටපු ශාලාවට කඩා වැදුනා. දුඹුරු පාට ලෙදර් සෝෆා එකේ ඉඳගෙන හිටපු ජන්කුක් දිහා ටිකක් වෙලා වික්ෂිප්තව බලාගෙන හිටපු මිස්ටර් මින් මොකුත්ම නොකියා එයාගේ අවුල් වෙච්ච කොණ්ඩේ අස්සෙන් අත යවන ගමන් ආයෙත් පිටිපස්සේ කාමරයට රිංගා ගත්තේ ජන්කුක් එයා දිහා කුතුහලයෙන් බලාගෙන ඉද්දී.

විනාඩි දෙකකට විතර පස්සෙ එයා රිදී පාට බන්දේසියක පීරිසි කෝප්ප දෙකක් තියාගෙන ආයෙත් මතු වුණා. මොනවත් හැලෙන්නේ නැති වෙන විදිහට පරිස්සමෙන් ඒක මේසය උඩින් තියපු මිස්ටර් මින් ඊටපස්සේ අතට ගත්තේ එයා කෝප්ප එක්කම අරන් ආපු බෝතලය.

"ඔයාටත් දෙන්නද ?"

මිස්ටර් මින් ජන්කුක්ට බෝතලයේ ලේබල් එක පෙන්නන ගමන් රළු හඬකින් ඇහුවා. ඒකේ තිබුනේ පෙපමින්ට් සිරප්. මිස්ටර් මින්ගේ රස නහර ගැන පුදුමයෙන් වගේම සැකයෙන් ජන්කුක් වහාම ඔළුව දෙපැත්තට හොලවද්දි මිස්ටර් මින් උරහිස් අකුළුවාගන්න ගමන් එයාගේ කෝපි එකට උකු කොළ පැහැති දියරයෙන් ටිකක් එකතු කළා. ඒක රිදී හැන්දකින් කලවම් කලාට පස්සේ එයා ජන්කුක්ගේ එහා පැත්තෙන් වාඩි වුණේ කෝපි එක තොල ගාන ගමන්.

"ටේහ්‍යුන්ග් තමයි ඒක හොයාගත්තේ. මුලින්ම මටත් ඒක ගැන සැකයක් තිබුණා. ඒත් පස්සේ මට ඒක ඇත්තටම රසයි කියලා හිතුනා."

එයා පැහැදිලි කලා.

එතනින් එහාට මතු වුණ නිශ්ශබ්දතාවය එක්ක එතන පුංචිම සද්දයකට හරි කියලා තිබුනේ කෝප්ප මේසයේ ගැටෙන හඬ විතරයි. ඒක හරිම සුවදායී හිත සන්සුන් කරවන සුළු නිහඬතාවයක්. ඉතින් ජන්කුක්ගේ මනසට විවේකයක් හම්බවුන හැටියේ එයාගේ හිත දිව්වේ සඳුදා උදෑසන වෙච්ච සිද්ධියට.

එයාගේ සහෝදරිය එයාලා ගැන දන්නවා. ඒත් පේන විදිහට එයාට ඒකේ ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඉතින් මේක එයාලගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න සිද්ධ වෙන දෙයක් මිසක් හැඟීම් අදාලම නැහැනේ. එයාලට පුළුවන් ඕනේ වෙලාවක මේක නවත්තලා දාන්න. ඉතින් ඇයි එයාලා මේක දිගටම කරගෙන ගිහින් ටික කාලයක් හරි විනෝද වෙන්නේ නැත්තේ ? කාටවත් අන්තිමේදී හිත් රිදවීම් සිද්ධ වෙනවා එකක් නෑ . සමහරවිට පවුලේ සුහද හමුවක් වගේ දෙයක් පොඩ්ඩම පොඩ්ඩක් අමුතු වෙන්න පුළුවන්. ඒත් එහෙම කියලා ඒ ඇරෙන්න වෙනස් වෙන්න දෙයක් තිබුණෙත් නෑ. කොහෙන් ගියත් අන්තිමේදී එයාගේ සහෝදරිය විවාහ වෙන්නේ පාක්ගේ පුතා එක්ක , එයා විවාහ වෙන්නේ ජූන්යෝ එක්ක.

ඇඳුම් කාමරයේ දොර ඇරෙන සද්දෙට ජන්කුක් ආයෙත් පියවි සිහියට ආවා.

"මිස්ටර් ජියෝන් , කරුණාකරලා මගේ පිටිපස්සෙන් එන්න."

මිස්ටර් මින් කිව්වේ මිස්ටර් කිම් ජිමින්ව එක්කන් ගිය කාමරය දිහාවට යන ගමන්.

එයාලගේ ඇඳුම් වල කියන්න වරදක් තිබුණේ නෑ. ඇත්තටම ඒවා බොහොම හොඳට මහලා තිබුණා. එයාලා ඇදලා බැලුවට පස්සේ මිස්ටර් කිම් එයාලගේ ඇඳුම් බොත්තම් අල්ලලා එයාලට දුන්නට පස්සේ එයාලාට පුළුවන් වුණා එතනින් පිට වෙලා ජන්කුක්ගේ කැමතිම සපත්තු වෙළඳසැලට යන්න.

එදා ජන්කුක්ගේ මුළු මහත් දවසම ගත වුණේ ඒ වගේ වැඩ වලට එහෙට මෙහෙට යන්න. දවල් කෑමෙන් පස්සේ ජන්කුක් කෙලින්ම ගිහින් එයාගේ ඇඳට වැටුනේ මහන්සියටම. එයා එහෙමම පැය හයක් එක දිගට නිසා ගත්තා. ඊළඟට ජූන්යෝගෙයි එයාගෙයි විවාහ උත්සවයට නම් ඒ හැමදේම ජූන්යෝට බාර දෙන්න ඕනේ. ජන්කුක්ට ඕනේ වුණේ නෑ තවත් විවාහ උත්සවයට මහන්සි වෙන්න ඇඟිල්ලක් වත් හොලවන්න. පහුගිය සතියේ හැම දවසක්ම අන්තිමේදී ජන්කුක්ට දැනුනේ එයා පැය දහ හතරක වැඩ මුරයකට පස්සේ ගෙදර එනවා වගේ. ඒ ටික කාලයකට එයාගේ ජීවිතේ සෑහෙන්න ප්‍රමාණයකට කඩාකප්පල් වෙලා ගියා.

හවස හතට ඇහැරුනාට පස්සේ ජන්කුක් ආයෙත් එයාගේ මේසයෙන් ඉදගෙන කම්පියුටර් එකේ ආර්ථික ප්‍රවෘත්ති බල බල හිටියත් වැඩි වෙලා යන්න කලින් එයාට ආයෙත් නිදිමතක් ආවා.

ඇත්තෙන්ම ඒක හරිම මහන්සි සතියක් !

Young Money  (Jikook Ongoing)Onde histórias criam vida. Descubra agora