Comment goal - 20 😶🌫️
එදා උදෑසන ජන්කුක් අවදි වුණේ දහයට විතර. එදා එයා කොච්චර මහන්සියෙන් ද හිටියේ කිව්වොත් එයාගේ මුළු ඇඟම හිරි වැටිලා ගිහින් වගේ දැනුනේ. එයාගේ ඇඟට දැනුන තෙහෙට්ටුවත් එක්ක එයාට දැනුනේ එයා එයාගේ මෙට්ටයටම දිය වෙලා යන ගතියක්. වාසනාවකට වගේ එදා ඉරිදාවක් නිසාත් ඉරිදාට හැම සාප්පුවක්ම වහලා දාලා තියෙන නිසාත් ජන්කුක්ට මොකක්හරි පරික්ෂා කරන්න හරි මොකක්හරි තෝරන්න හරි ඇඳෙන් බිමට ඇදලා දාලා සාප්පුවකට ඇදගෙන යන්න මනුස්සයෙක් හිටියේ නෑ. එහෙම හිතද්දිත් ජන්කුක්ගේ හිතට කොච්චර සහනයක් දැනුනා ද කියනවා නම් එයාට ඒක මතක් වෙද්දි ඉබේම හිනාවකුත් යන්න ආවා. එහෙම කියලා එයා හිනා වුණේ නෑ. මොකද හිනා වෙන්නත් එයාට මහන්සි වැඩියි.
තව ටිකක් වෙලා එහාට මෙහාට පෙරලි පෙරලි ඉදලා එයාගේ කොට්ට මෙට්ට කොච්චර සනීපයිද කියලා හිතේ හැටියට විඳගෙන ඉවර වෙලා ජන්කුක් හිමින් සීරුවේ නැගිටලා ඉඳගෙන නයිට්ස්ටෑන්ඩ් එකේ තිබ්බ වතුර වීදුරුව හිස් කළා. ඒක එයා අවුරුදු දොළහේ ඉඳන්ම එයාට තිබ්බ පුරුද්දක්. ඒ්ක උදෙන්ම එයාගේ මනස නිරවුල් කරගන්න උදව් වුණා වගේම නින්දෙන් පස්සේ සාමාන්‍යයෙන් දැනෙන විජලන ගතියත් මඟ ඇරලා දාන්න සමත් වුණා. දැන් ඉතින් එයා අවදි වෙලා දවස පටන් ගන්න සූදානම්.
පරිගණකය දිහා මොහොතකට බලපු ජන්කුක් තීරණය කළේ අද එයා එයාගේ ඇස් වලට විවේකයක් දෙන්නත් එක්ක පොත් කියවනවා කියලා. එයාගේ සල්ලි එක දවසකට එයාගේ අවධානය හම්බුනේ නෑ කියලා වාෂ්ප වෙලා යන්නේ නෑ නේ. ඉතින් ඒ නිසා තාමත් සිල්ක් පිජාමාවකින්ම සැරසිලා ඉන්න ජන්කුක් එයාගේ පොත් රාක්කයේ තියෙන සම්භාව්‍ය සාහිත්‍ය කෘති එකතුව ළඟට ගිහින් ඒ දිගට ඇස් යැව්වා.
මේ වතාවේ ජන්කුක්ගේ අවධානය දිනා ගත්තේ වර්ජිනියා වුල්ෆ්ගේ කෘති එකතුව. ඒක එයාගේ සහෝදරියගෙන් එයාට ලැබුණු තෑග්ගක්. ජන්කුක් දැනටමත් "මිසිස් ඩැලෝවේ" පොත කියවලා ඉවර කරලා තිබ්බත් අනිත් පොත් හතර තාමත් අල්ලන්න තියා හිතලා වත් නෑ. ඉතින් ඒ නිසා ජන්කුක් ඒ එකතුවේ දෙවනි පොත වෙච්ච "ටු ද ලයිට්හවුස්" අතට අරගෙන ඒක එයාගේ මේසය උඩින් තියලා නාන කාමරයට ගියා.
ESTÁS LEYENDO
Young Money (Jikook Ongoing)
Fanfic-sinhala translation Jungkook's place in the world of money had been determined since his birth. He never went against his parents' plans, seeing no point in opposing. When he meets his future brother-in-law, his structured life gets an interesting...