D-12

116 26 6
                                    

ජන්කුක් ඇහැරෙද්දි එයාට දැනුනා එයාට හුස්ම ගන්න අපහසුවක් ඇති කරන මොකක්හරි බර දෙයක් එයාගේ පපුව උඩ තියෙන විදිහ. එයා ඇස් ඇරලා බලද්දී එයාගේ ඇස් වලට මුණ ගැහුනේ එයාගේ හදවතට උඩින් තියෙන චෙස්නට් පාට කොණ්ඩයක්. ජිමින්ගේ හීනි හුස්ම එයාගේ හමේ කිතියක් ඇති කලා. ජන්කුක් ඒ සිනිඳු පාට කොණ්ඩ කැරලි එක්ක එයාගේ ඇඟිලි තුඩු වලින් සෙල්ලම් කළේ කල්පනා ලෝකයක ගිලීගෙන.

හැබැයි ඒ ඔක්කොම එයාට හරියටම තත්වයේ බරපතලකම ඔළුවට යනකම් විතරයි. එයා එයාගේ මස්සිනා එක්ක නිදාගෙන ඉන්නේ , නිරුවතින් !!!

"ෂිට් !"

ජිමින්ව ඇහැරෙන්නේ නැති වෙන විදිහට පරිස්සමෙන් ජන්කුක් එයාව අහකට තල්ලු කරලා දාලා එයාලාගේ පැටලිලා තිබුණු කකුල් මුදවා ගත්තා. එයාලා දෙන්නාගේ හම අතර ඇලෙන බාගෙට වේලිලා ගිය සුළු ද්‍රාවණයක් තිබුනේ ඊයේ රෑ මතක සටහන් විදිහට. ඒත් ජන්කුක්ට ඊයේ රෑ මොකක්ද වුණේ කියලා මතකයක් තිබුනේ නෑ. ඉතින් එයා බය වෙන එක අහන්නත් දෙයක්ද ?

එයාලා ඊයේ රෑ ඇත්තටම ඒක කළාද ? එයා අන්තිමේදී ජිමින්ගේ බලපෑමට යටත් වෙලාද ?

ජන්කුක් එයාගේ කොණ්ඩෙන් ඇදගත්තා. කලබල වෙන එකෙන් එයාට කිසිම උදව්වක් වෙන්නේ නෑ කියලා තේරෙන තැන එයා ඇඳුම් කට්ටලයක් තෝරගත්තේ බාත්රූම් එකට යන්න.

කලින් දවසේ ඉතුරු වෙච්ච නෂ්ටාවශේෂ හෝදලා දාද්දී ජන්කුක්ගේ හිතට පුංචි සහනයක් දැනුනා. මද උණුසුම් වතුර ඇඟට වැටෙද්දි එයාව නිකන්ම සන්සුන් වුණේ එයාගේ මනසේ ව්‍යාකූල තත්වය එන්න එන්නම අඩු වෙලා යද්දි.

එයා ජිමින් එක්ක නිදාගත්තා වෙන්න බෑ. එයා කීයටවත් අසිහියෙන් වත් මේට ඒ විදිහට රිද්දන්නේ නෑ. මේ... එයාගේ මෝඩ අදහස නිසා තමයි එයාලා බීලා මෝඩ සෙල්ලමක් කරලා මේ විදියට නැවතුනේ. ජන්කුක්ට හිමින් සීරුවේ කලින් දවසේ වෙච්ච දේවල් එකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. ගැහැනු ළමයි දෙන්නා ඇබ්සින්ත් බීලා හොඳටම මත් වෙලා හිටියේ. එතකොට ජූන්යෝ ජිමින්ට ඩෙයා එකක් දුන්නා ජන්කුක්ව සිප ගන්න කියලා. එයාට ඒ දේවල් දැන් මතකයි. ඒත් එයාලා කොහොමද ජන්කුක්ගේ ඇඳට ආවේ ?

Young Money  (Jikook Ongoing)Donde viven las historias. Descúbrelo ahora