D-27

115 29 18
                                    

මේ ගෙවෙන ඉරිදාව මේගේ බර්ත්ඩේ එක. එයාලගේ දෙමව්පියන්ගේ ව්‍යාපාර වලට සම්බන්ධ අයවලුන්ගෙන් විශාල ශාලාවක් පිරිලා ගිහින් තිබුණා. ශාලාව කොනක වාදනය වුනේ ඩේව් බෘබෙක්ගේ "Unsquare Dance" කියන ජෑස් සංගීතය. එක එක්කෙනා තොර තෝංචියක් නැතුව කියවන සද්දෙ අස්සෙන් අතරින් පතර මූනිච්චාවට හිනා වෙන සද්දත් ඇති තරම් ඇහුණා. හවස සාදයේ උච්චතම අවස්ථාවට එද්දී හැමෝම වගේ හිටියේ මත්පැන් වලින් හොඳටම මත් වෙලා පියවි සිහිය නැති වෙන්න ඔන්න මෙන්න. ජන්කුක්ගේ තාත්තා ස්ටේජ් එකට නගින විදිහ එයාගේ ඇහැට අහු වෙද්දි එයා දැනගෙන හිටියා එයාලගේ දෙමව්පියන් මෙච්චර දවස් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු දැන්වීම කරන්න වෙලාව ඇවිත් කියලා.

බෑන්ඩ් එක සංගීතය වාදනය කරන එක නැවැත්තුවට පස්සේ ජන්කුක්ගේ තාත්තා අමුත්තෝ වෙනුවෙන් සුහද වචන කිහිපයක් කතා කරලා ටිකකට පස්සේ තවත් කෙනෙක්ට ස්ටේජ් එකට ආරාධනා කළා. ජන්කුක්ගේ තාත්තාගේ ඉල්ලීම මැද ස්ටේජ් එකට නැග්ගේ චෙස්නට් දුඹුරු කොණ්ඩයක් තියෙන ඕනේ මනුස්සයෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන පිම්බුණ රෝස තොල් තියෙන්නේ වැඩියේ උස නැති එක්කෙනෙක්. ඒ කියන්නේ මෙයා තමයි එහෙනම් ජන්කුක්ගේ අනාගත මස්සිනා. අඩුම ගානේ එයා කඩවසම්. ඒකත් ලොකු දෙයක් නේ. ඒත් එයාගේ සහෝදරියගේ අනාගතය වෙනුවෙන් ජන්කුක් ඇත්තටම බලාපොරොත්තු වුණා ඒකට වඩා මොකක්හරි හිත් ගන්නා සුළු දෙයක් එයාගේ මස්සිනාගේ චරිතයේ ඇති කියලා.

එකපාරටම හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තම ජන්කුක් මේව හොයාගන්න ශාලාව පුරා ඇස් යැව්වා. ඒත් මේගේ මුහුණේ හැඟීම් වල කිසිම වෙනසක් තිබුණේ නෑ. එයාගේ ආචාරශීලී හිනාව මිසක් ජන්කුක් බය වෙච්ච විදිහේ අපහසුතාවක් නම් පේන්න තිබුනේ නෑ. ජන්කුක් හිතපු විදිහටම එයා මේක බලාපොරොත්තු වෙලා. නැත්තම් සමහරවිට එයාලගේ අම්මා එයාට අනතුරු අඟවන්න ඇති.

ජන්කුක්ගේ තාත්තයි මේගේ අලුත් ෆියොන්සේයි ස්ටේජ් එකෙන් බැස්සම ආයෙත් සංගීතය වාදනය වෙන්න පටන් ගත්තා. හැමෝම තම තමන්ගේ කතා බහ වලට ආයෙත් හැරුනා. තවත් සමහර අය ව්‍යාපාර ගැන කතා කර කර හිටපු දෙපාර්ශවයෙම දෙමව්පියන් එක්ක එක මේසයක වාඩි වෙලා හිටපු අලුත් ජෝඩුවට සුබ පතන්න ආවා.

Young Money  (Jikook Ongoing)Where stories live. Discover now