ජිමින් කලින් දවසේ ගෙදර ආවට පස්සේ ජන්කුක්ට සිද්ධ වුණා වැඩිහිටියෙක් විදිහට හැසිරෙන එක වගේම තමන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන එක ගැන මේ පවත්වපු දේශනයකට සම්බන්ධ වෙන්න. එයාගේ ෆියොන්සේ ගෙදර ඇවිත් තිබුණේ සීතලට නිල් පාට වුණ තොල් එක්ක සම්පූර්ණයෙන්ම තෙත බරිත වෙලා. එයාගේ අතේ ඒ වෙලාවේ ඇති වෙන්න මුදල් තිබිලා නැති නිසා ටැක්සි එකට ගෙවන්න වෙලා තියෙන්නෙත් මේට. මේ කියවන ඒවා කොච්චර වෙලා අහගෙන හිටියත් ජන්කුක්ට තේරුනේ නෑ කූඩයක් මිලදී ගන්න , එහෙමත් නැත්නම් ATM යන්ත්රයකින් මුදල් ගන්න වගේ දෙයක් හිතපු නැති මෝඩ ජිමින්ට බනින්නේ නැතුව ඇයි මේ එයාට බනින්නේ කියලා.
කොහොම නමුත් මස්සිනා තෙමිච්ච කුකුළෙක් වගේ ආපු විදිහ දකිද්දී ජන්කුක්ගේ හිතෙත් පසුතැවිල්ලක් ඇති නොවුණා නෙවෙයි. එයාට කලින් ජිමින්ට බැනපු එක ගැන නම් කිසිම වරදක් පෙනුනේ නෑ , ඒත් එයාට තිබුණා ජිමින්ව නාඳුනන නගරයක තනි කරලා දාලා නොයා ඉන්න. ජිමින්ගේ වෙව්ලන තොල් වගේම බලු පැටියෙක් වගේ ලොකු වෙච්ච ඇස් එක්ක එයා බිම බලාගෙන සමාව ඉල්ලන විදිහ දකිද්දී ජන්කුක් තව පොඩ්ඩෙන් එයාව බදාගෙන තුරුල් කරගන්නවා. ඒ වුණාට එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ !
ඒකෙන් පස්සේ මේට ඕනේ වුණා මස්සිනාලා දෙන්නා අතර සම්බන්ධය ඊට වඩා හොඳ අතට හරවන්න. ඒත් එයා ඇත්ත කතාව දන්නවා නම් එහෙම...
ජන්කුක් පුදුමයෙන් අනිත් පැත්ත හැරුනේ එයාගේ කාමරේ දොර ඇරෙන සද්දයට. එයා හිතන් හිටියෙ කවුරුත් ගෙදර නෑ කියලා. දොර උලුවස්සට හේත්තු වෙලා මේ හිටියේ මිහිරි හිනාවකුත් එක්ක. ඒ වුණාට ඒ හිනාව දැක්කම ජන්කුක්ට තේරුනා මොකක් නමුත් එයා ඊළඟට කියන්න යන දේ එච්චර හොඳ දෙයක් වෙන්න බෑ කියලා. ජන්කුක් එයා දිහාවට ඇවිදගෙන එන මේ දිහා ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා.
මේ ඇවිත් ජන්කුක්ගේ මේසයෙන් වාඩි වුණේ ජන්කුක්ගේ දෙපැත්තෙන් කකුල් දෙක දාගෙන එයාට කම්පියුටර් එක පේන්නේ නැති විදියට. ජන්කුක් ඒ වෙලාවේ දෙවියන්ගෙන් ඉල්ලුවා එයාගේ සහෝදරිය වෙන පිරිමි කෙනෙක් ඉස්සරහ මේ විදියට ඉඳගෙන නැති වේවා කියලා. මොකද එහෙම වෙලා තියෙනවා නම් ජන්කුක්ට සිද්ධ වෙනවා කිහිප දෙනෙකුගේ ඇස් උගුල්ලන්න. තරුණ කාන්තාවන්ට මේ විදිහේ පෑන්ට්ස් තහනම් වුණා නම් මොකුත් ප්රශ්නයක් නෑ නේ !
ESTÁS LEYENDO
Young Money (Jikook Ongoing)
Fanfic-sinhala translation Jungkook's place in the world of money had been determined since his birth. He never went against his parents' plans, seeing no point in opposing. When he meets his future brother-in-law, his structured life gets an interesting...