D-17

99 25 12
                                    

ජන්කුක්ගේ ෆියොන්සේ එනකම් ජන්කුක්ට තවත් දවස් දෙකක් ඉවසන් ඉන්න වුණා. ජිමින්ගේ දඟකාර ආරාධනා ඉවසන එක ජන්කුක්ට දවසින් දවස එන්න එන්නම අමාරු වෙන ගමන් තිබුණේ. එයාගේ ස්පර්ශයන් තව දුරටත් රහසේ වෙච්ච දේවල් වුණේ නෑ. වෙන කවුරුත් නැති හැම වෙලාවකම වගේ ඒ ඇබ්බැහි වෙන සුළු රෝස පාට පිරුණු තොල් එයාගේ බෙල්ල වටේ දඟ කළා. වෙනදට එයාගේ දණහිස උඩින් නවතින අත දවස් ගත වෙද්දී එන්න එන්නම උඩට ගිහින් භයානක ප්‍රදේශ වල සැරිසැරුවා. ජන්කුක්ට ඒ ස්පර්ශයන් වුවමනා වෙච්ච තරමටම එතනින් එහාට දෙයක් කරන එකෙන් එයා තදින්ම වැළකිලා හිටියා. මොකද එයත් විවාහ ගිවිසගත්ත කෙනෙක්. ඒත් ඒක එයාට කවදාවත් ලබා ගන්න බැරි තවත් පිරිමි කෙනෙක් ගැන හැඟීම් තියෙනවා කියන එක නවත්තන්න තරම් ශක්තිමත් හේතුවක් වුනේ නෑ.

ජන්කුක්ගේ ඒ දුර්වලතාවය එයාට පිස්සු වැට්ටුවා.

බදාදා එයාව මුදවා ගන්න ආපු දේවදූතයෙක් වගේ එයාගේ අනාගත බිරිඳ එයාලගේ ගෙදරට ආවා. එයාව පිළිගන්න දොර ඉස්සරහට මුලින්ම ගියේ මේ. ජූන්යෝව දැක්ක ගමන් මේ එයාට උණුසුම් වැලඳගැනීමක් දුන්නා. එයා එක්ක ඉද්දී මේගේ සිද්ධ වෙන විපර්යාසය හැමදාම ජන්කුක්ව පුදුමයට පත් කළා. ඒක හරියට නිකන් මේට එයාගේ ඇත්තම මානසිකත්වයට වගේම එයා පවත්වාගෙන චරිතයටත් ගැළපෙනම එක්කෙනා හම්බුනා වගේ වැඩක්.

ජන්කුක් ජිමින් එක්කම ලොබී එකට ගියේ ගිග්ලින් හිනා ඇහෙන සද්දෙ පැත්තට අඩි තියන ගමන්.

"ඩාලින්"

ජූන්යෝ ජන්කුක්ව දැක්ක ගමන් එයාව දඟකාර විදිහට වැළඳගත්තා. ජන්කුක් ආපිට එයාව වැළඳගත්තේ පුළුල් හිනාවක් එක්ක. ජන්කුක් ආයෙත් වතාවක් මතක් වුනා එයා ජූන්යෝට කැමති ඇයි කියලා. එයා මේ තරම්ම දඟකාර චරිතයක්. අවුරුදු තුනකට කලින් එයාට ජූන්යෝව මුණ ගැහෙද්දි ජන්කුක් හිටියේ විශාල ප්‍රශ්න ගොඩක් මැද. එයාට කිසිසේත්ම කාන්තා පාර්ශවය ගැන ආකර්ෂණයක් දැනෙන්නේ නැති නිසා ඒ විවාහය සාර්ථක වෙන්න නම් එයාගේ බිරිඳට අඩුම ගානේ හොඳ චරිතයක් වත් තියෙන එක අත්‍යවශ්‍ය වුණා. වාසනාවකට වගේ ජූන්යෝ කියන්නේ හරිම ආදරණීය තරුණියක්.

Young Money  (Jikook Ongoing)Where stories live. Discover now