D-16

99 27 38
                                    

ගැහැණු ළමයි දෙන්නා කුස්සියට ඇවිදන් ගිහින් එයාලගේ අනාගත සහකරුවන් දෙන්නා ළඟින් වාඩි වුණේ සුපුරුදු විදිහටම නැවතිල්ලක් නැතුව කියවන ගමන්. ජන්කුක් වැඩියේ හිත හිතා ඉන්නේ නැතුව ජූන්යෝ එයාගේ එහා පැත්තෙන් ඉඳගත්ත ගමන් එයාගේ වටේට අතක් යවලා එයාගේ කම්මුලක් සිප ගත්තා. ඒක දැකපු ජිමින් ඇහිබැමක් උස්සලා ජන්කුක් දිහා බැලුවේ හරිම අමුතු විදියට.

"අද අම්මයි මායි යනවා වෙඩින් ඩ්‍රෙස් එක ගන්න. ජූන්යෝත් එනවා අපිත් එක්ක"

මේ කුස්සියේ සිද්ධ වෙන නිහඬ කඹ ඇදිල්ලට විරාමයක් දුන්නා.

"ඔයාලා දෙන්නාත් ඇඳුම් ගන්න යන්න ඕනේ. තව දවස් දෙකකින් කේක් තෝරන්න යන්නත් තියෙනවා. මං ඔයාගේ රස බැලීමේ හැකියාව ගැන සම්පූර්ණ විශ්වාසය කියලා තියෙන්නේ ඔප්පා. කෑම ඔක්කොම තෝරන්නේ..."

"මේ , ඔයා ඔය හැමදේම මට දැන් කිව්වොත් මට ඔය ඔක්කොම අමතක වෙලා යනවා. එදා දවසට ඕනේ ටික විතරක් කියන්නකෝ"

ජන්කුක් එයාගේ වචන ගංඟාවට බාධා කළා.

"ඒකත් ඇත්ත , මට අමතක වුණා ඔයාට මට තරම් හොඳ මොළයක් නෑ කියලා"

මේ එකට එක කිව්වා.

ජන්කුක් එයා දිහාවට ආදරණීය හිනාවක් පා කළේ ඒකට මේ යන්තම් මෙල්ල වෙලා යද්දී.

"අපි ඇඳුම් ගන්න යන්නම්. ඔයාට ඒක ගැන මොකක්හරි අදහස් දැක්වීමක් කරන්න තියෙනවාද ?"

ජන්කුක් සන්සුන් වචනයෙන් ඇහුවා.

"ඒක සම්භාව්‍ය විදිහට පේනවා නම් එච්චරයි"

මේ ඇහැක් ගහන ගමන් කියද්දී ජන්කුක් ඔළුව වැනුවේ එයා කියපු එක තේරුම් අරගෙන.

><

වෙළඳ සංකීර්ණය අතරින් පිය නගපු ජන්කුක් ඊළඟට ඇතුළු වුනේ පටු පාළු පාරකට. ජිමින් කුතුහලයෙන් හිටියා වුණත් එයාගේ පස්සෙන් කලබලයක් නැතිව ආවා.

"අපි කොහෙද යන්නේ ? ඔයා මාව පාළු පාරක මරලා දාන්න යනවා එහෙම නෙවෙයි නේද ?"

ජන්කුක්ගේ අනාගත මස්සිනා ඇහුවේ විහිළුවෙන් වගේ.

"එහෙම කළොත් මගේ හැකියා ඔයාට පෙන්නන්න වෙලාවක් වෙන්නෙත් නෑ"

Young Money  (Jikook Ongoing)Where stories live. Discover now