D-20

98 30 8
                                    

ජන්කුක් ගෙදර එද්දී ජිමින් පේන්න හිටියේ නැහැ. ඉතින් එයා තීරණය කළා එයාගේ සහෝදරිය පොත් කියවන හැටි බලන් ඉන්නේ. පොතේ පිට කවරය දකිද්දී ජන්කුක්ට තේරුනා ඒ ප්‍රංශ නව කතාවක් කියලා. ජන්කුක්ට ආයෙත් වතාවක් එයාගේ සහෝදරියගේ පුළුල් දැනුම් පරාසය ගැන ලොකු ආඩම්බරයක් දැනුණා. කොරියානු භාෂාව ඇරෙන්න එයාට චීන , ජපන් , ඉංග්‍රීසි , ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා ගැනත් හසල දැනුමක් තිබුණා. එයාගේ යුරෝපා- අප්‍රිකා සංචාර නිසා එයාලගේ පවුලේ සංගීත රස වින්දනය වෙනස්ම එකක් වුණා. ඒක ගොඩක් වෙලාවට අමුත්තන්ගේ පැසසුමට ලක් වුණ කාරණයක්. ඒ වගේම එයා නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාවේ සංචාරයන්ගෙන් ගෙනත් තිබුන පෞරාණික වස්තු ඒවා එකතු කරන අයට ඊර්ෂ්‍යාවක් දනවන්න සමත් වුණා.

එයා පොතේ පිටු පෙරළන විදිහ ටිකක් වෙලා බලාගෙන ඉද්දි ජන්කුක්ගේ හිත එයාටත් නොදැනීම වෙනතකට ගියා. ජිමින් ගැන නුසුදුසු හැඟීම් එයාගේ හිතේ දළුලන විදිහ දැනෙන හැම අවස්ථාවකදීම ජන්කුක් අමාරුවෙන් වුණත් ඒවා යටපත් කරලා දැම්මා. ඒ සිතුවිලි ඇත්තක් වෙනවා කියන්නේ ඒකෙන් මේගේ හිත රිදවීමක් වෙනවා කියන එක. ජන්කුක්ට කවදාවත් කිසිම හේතුවක් මත ඒක කරන්න බැරි වෙයි.

ජන්කුක් එකපාරටම ඔළුව උස්සලා බැලුවේ එයාලගේ දෙමව්පියන් විසිත්ත කාමරයට දොර ඇරගෙන එන සද්දෙට.

"සුබ සන්ධ්‍යාවක් !"

ජන්කුක්ට ඇහුනා එයා මෙච්චර වෙලා හිත හිත හිටපු කෙනාගේ කටහඬේ සද්දය. ඒ වෙලාවේ තමයි එයා දැක්කේ පඩිපෙල පැත්තෙන් දුඹුරු කොණ්ඩයක් මතු වෙලා තියෙන විදිහ.

"අපිව ගෙදරට පිළිගන්න එක ඔයාට අයිති රාජකාරියක් නෙවෙයිද ?"

මිස්ටර් ජියෝන් එයාගේ දුවගෙන් විහිළුවට වගේ අහන ගමන් එයාගේ හිස මුදුනෙන් හාදුවක් තිබ්බා.

"ඔයාලා හැමෝම එකට ඉන්නවා දැකීම සතුටක්"

මිසිස් ජියෝන් කිව්වේ ජිමින්ට පහළට එන්න සන් කරන ගමන්.

"අපි කැමති ඔයාලා අද රෑ හතට අපි එක්ක රාත්‍රි ආහාරය ගන්න එළියට යන්න එනවා නම්. අපිට කියන්න දෙයක් තියෙනවා"

Young Money  (Jikook Ongoing)Where stories live. Discover now