ජන්කුක් එයාගේ පිජාමා එක පිටින්ම පඩිපෙල බැස්සා. අදත් එයාගේ ඉස්සරහට මුලින්ම හම්බුනේ ජන්කුක්ගේ හිතට එයා කරලා තියෙන දේ දැනගෙන වගේ ආඩම්බර විදිහට හිනා වෙලා ඉන්න ජිමින්ව. මේ යකා එක්ක බෑ !
ජන්කුක් ඊයේ රෑ පැය ගානක් ඇහැරන් හිටියේ පාක්ගේ පුතාගේ වචන එයාගේ ඔළුව වටේ කැරකි කැරකි එයාට වද දීපු නිසා. ඒ මොනවා වුණත් එයා වෙන පිරිමියෙක් නිසා මෙච්චර කලබල වෙලා ඉන්න එක අනුමත කරන්න බෑ. එයා මීට වඩා එයාව පාලනය කරගන්න ඉගෙන ගන්න වෙනවා.
ජන්කුක් තරහෙන්ම ඇවිත් එයාගේ මස්සිනා වෙන්න ඉන්න යක්ෂ පැටියාගේ ඉස්සරහින් වාඩි වුණා. මිසිස් කිම් එයාගේ ඉස්සරහින් පිඟානක් තිබ්බම එයා කෑම බෙදාගෙන කන්න පටන් ගත්තේ එයා ඉස්සරහ ඉන්න කෙනාට අවධානය දෙන්නේ නැතුව. එයාට යටිකයට ඔන්න මෙන්න ඈතින් නවතින විදිහට කකුලක් එයාගේ කකුල් දිගේ උඩට එන විදිහ දැනෙද්දී ජන්කුක් කටවල් දෙකක් වත් කාලා නෑ. එයා ඔළුව උස්සලා ජිමින් දිහා බැලුවේ යකෙක් දැක්කා වගේ. ඒත් ජිමින් එයා දිහා දඟකාර විදිහට බලන ගමන් එයාගේ කෑම එක තවත් ටිකක් එයා දිහාවට ළං කරගත්තේ එයාගේ කකුල ජන්කුක්ගේ යටිකයේ ගාවන ගමන්.
ජන්කුක් එයාගේ කටින් පිට වෙන්න ගිය හඬවල් අමාරුවෙන් ඉවසන් වහාම කෑම කාමරෙන් පැනලා ගියේ දෙවනි සැන්විච් එක එහෙන් පිටින්ම පිඟානේ ඉතුරු කරලා දාලා.
><
සතියක් විතර එයාලගේ ගෙදර ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. ඇති යන්තම් ජිමින් එදා කිව්ව විදිහට ජන්කුක්ගේ කාමරේට නම් රිංගන්න ආවේ නෑ. එහෙමයි කියලා කවුරුත් නොදකින වෙලාවට එහෙන් මෙහෙන් අල්ලන එකෙයි දඟ පාට හිනාවල් වලයි අඩුවක් නම් තිබුනේ නෑ. යන්තම් ඇඟිලි තුඩු ගාවන එක , එහෙමත් නැත්නම් කකුල් උඩින් අත තියාගන්න එක වගේ මොකක්මහරි විදිහකින් ජිමින් වැඩි වෙලාවක් ජන්කුක්ගේ ඇඟේ එයාගේ අත් තියාගෙන හිටියා. ඒක ඇත්තටම ජන්කුක්ව පිස්සු වට්ටනවා. එයා ජිමින්ගේ ස්පර්ශයට බය වුණ තරමටම ඒ හැඟීමට ලෝබ වෙලා හිටියා. ඒක එයාට දරාගන්න ඕනවටත් වඩා වැඩි ඒත් හැමදාමත් ඊටත් වඩා ඕනේ වුණ විදිහේ හැඟීමක්. සමහරවිට එයාගේ ලිංගිකත්වය නිකන්ම නිකන් අමතක කරලා දානවා කියලා එයා ගත්ත තීරණය මෝඩ තීරණයක් වෙන්න ඇති. ඒකෙන් අන්තිමට වෙලා තිබුනේ එයා දුර්වලයෙක් වෙන එක.
YOU ARE READING
Young Money (Jikook Ongoing)
Fanfiction-sinhala translation Jungkook's place in the world of money had been determined since his birth. He never went against his parents' plans, seeing no point in opposing. When he meets his future brother-in-law, his structured life gets an interesting...