D-8

83 28 12
                                    


මිස්ටර් බෑන්ග් මේවයි ජන්කුක්වයි උත්සවයට ගැලපෙන පාට වගේම සැරසිලි හොයාගන්න කලින් වෙළඳසැල් බර ගානක් අතරින් ඇදගෙන ගියා. ඒ හැමදේම එක්ලාසයක් කරලා ඉවර කරන්න බ්‍රහස්පතින්දා වෙනකම් කල් ගියේ මේ එයාගේ සහෝදරයා නැතුව කිසිම තේරීමක් කරන්න අකැමැති වුණ නිසා. ඒත් අවාසනාවකට වගේ එදා හවස ජන්කුක් වැඩට ගිහින් හිටියේ. ඉතින් ඒ දේවල් කෙරෙන්න සඳුදා උදේ වෙනකම් බලන් ඉන්න මේට සිද්ධ වුණා.

"සුදු පාට එක ද ක්‍රීම් පාට එකද ?"

"සාමාන්‍ය අත් පිස්නාද නැත්තම් විසිතුරු සැරසිලි තියෙන ඒවාද ? මෙහෙට ඇවිත් ටිකක් බලන්නකෝ !"

"අපි ගන්න ඕනේ මොන මේස කට්ටලයක් ? සුදු පාට එකද නැත්තම් රීදි පාටින් වැඩ දාලා තියෙන කට්ටලයද ?"

"ලිලී ද එහෙමත් නැත්නම් සුදු ක්‍රිසැන්තිමම්ද ?"

ඒ වගේ තව ගොඩක්...

ජන්කුක් ඒ ටිකේම හවස ගෙදර ආපු ගමන් එයාගේ ඇඳේ වැතිරුනේ වැඩට ගිහින් තිබුණ මහන්සියෙන් වගේම කාන්තාවන් එක්ක ගනුදෙනු කරන්න ගියාම ඇති වෙන මහන්සියෙන්. ඒ වගේම හැමදාමත් එයා මේගෙන් ඇහුවා ඇයි ඕවා එයාලගේ අම්මා එක්ක ගිහින් විසඳගන්න බැරි කියලා ? ඉතින් ඒ දේවල් වලට එයාවම ඕනේ කියලා නීතියක් නැහැනේ. ඒත් අන්තිම දවසේ හවස තමයි ජන්කුක්ට තේරුනේ එයාගේ සහෝදරිය විවාහ සැලසුම් ගැන නොසන්සුන් වෙලා ඉන්නේ කියලා. එයාට ඉතින් තාමත් දහ අටක් විතරයි නේ. එයා කවදාවත් ස්කොලෙන් , ෂොපින් මෝල් එකෙන් නැත්තම් දුර සංචාරයක් ගියාම නවතින සුඛෝපභෝගී හෝටලයෙන් එහා ලෝකයක් දැකලා තිබුනේ නෑ.

එහෙම හිතද්දී ජන්කුක්ට එයාගේ සහෝදරිය ගැන දැනුනේ දුකක්. ඒ නිසා සිකුරාදා දවසේ මේ ජන්කුක්ගෙන් මංගල ඇඳුම් නිර්මාණ ශිල්පියා මුණ ගැහෙන්න යන්න එනවාද අහද්දි ජන්කුක් හිනාවකුත් එක්ක එකඟ වුණා.

ඉතින් මේ වෙලාවේ ජන්කුක් ඇඳුම් කාමරයක් ඉදිරියට වෙලා මේ එනකම් ඉන්නේ අන්න ඒ නිසයි. මොකක්දෝ හේතුවකට ජන්කුක්ගේ හදවත හරි නොසන්සුන්. ඒක හරිම මෝඩ සිතුවිල්ලක්. එදා එයාලගේ අම්මා මංගල ඇඳුම් මහන්න බාර දීලා ගෙදර ආවට පස්සේ එයා එදා දවසම මෙලෝ සිහියක් නෑ වගේ හැසිරෙද්දි ජන්කුක් එයාගේ අම්මට හිනා වුණා. ඒත් දැන් නම් එයාට පිලිගන්න වෙනවා එයාගේ පුංචි සහෝදරිය විවාහ වෙන්න යන්නේ කියලා හිතද්දී එයාටත් මොකක්දෝ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒකට හේතුව වුණේ මනමාලයා ගැන එයාගේ හිතේ පුංචි හැඟීමක් තියෙන එකම විතරක් නෙවෙයි.

Young Money  (Jikook Ongoing)Tahanan ng mga kuwento. Tumuklas ngayon