D-26

100 31 39
                                    

ජන්කුක් සඳුදා හවස කන්න පහළට එද්දී එයාගේ ඇස් ඉස්සරහට හම්බුන පළවෙනිම දේ පාක්ගේ පුතාගේ මූණ. මේසයේ අනිත් කොනේ එයා ඉස්සරහින් වාඩි වෙලා හිටපු මේ දිහාවට ජන්කුක් හැරුනේ මස්සිනා එයාලගේ ගෙදර ඉන්න එක ගැන හිත හොඳකින් නම් නෙවෙයි.

"මෙයා මොනවද මෙහෙ කරන්නේ ?"

ජන්කුක් බාර් ස්ටූල් එකකින් ඉඳගත්තේ එයාලගේ ගෘහ සේවිකාව වෙච්ච කිම් මෙනෙවිය එයාට කෑම ගේනකම්. ජිමින් ආඩම්බරකාර හිනාවක් එක්ක එයා දිහා බලන ගමන් එයාගේ සැන්විච් එක කන ගමන් හිටියේ.

"ජිමින් ඉන්නේ බුසාන් වල නිසා සති හතරකින් වෙඩින් එක වෙනකම් එයා මෙහෙ නැවතිලා ඉන්නේ"

මේ ජන්කුක්ට පැහැදිලි කළේ ජන්කුක්ට ආචාරශීලී වෙන්න කියලා නිහඬ තර්ජනයක් කරන ගමන්.

"සති හතරකින් ?"

ජන්කුක්ට කැස්සක් ආවේ එයා බිබී හිටපු ඔරේන්ජ් ජූස් එක පිට උගුරේ යද්දි.

"එච්චර ඉක්මනට ඇයි ?"

"මොකක්හරි ව්‍යාපාර වලට සම්බන්ධ දෙයක් නිසා වෙන්න ඇති"

එයාගේ සහෝදරිය සන්සුන්ව උත්තර දුන්නා. එයා කොහොමද මෙහෙම කිසි ගානක් නැතුව ඉන්නේ ? ජන්කුක් දැනගෙන හිටියා තමයි එයාටත් ඉක්මනින්ම විවාහ වෙන්න වෙනවා කියලා. ඒත් එයාගේ ෆියොන්සේ එක්ක එක වහලක් යට ජීවත් වෙන දවසක් ගැන ජන්කුක් හිතන එකෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා හිටියා. ඉතින් එහෙම එකේ එයාගේ සහෝදරිය ආගන්තුක මනුස්සයෙක් එක්ක ලබන මාසේ ඉදන් එකට ජීවත් වෙන්න යන එක ගැන හිතන එක ජන්කුක්ට හරිම අපහසුවක් වෙච්ච එක සාධාරණයි.

ජන්කුක් කෑම මේසයෙන් නැගිට්ටා. එයාට කන්න පිරියක් තිබුණේ නෑ. එයා එයාගේ කාමරේට ගිහින් කම්පියුටර් එක ඔන් කරගත්තා. ආර්ථිකය වගේම කොටස් වෙළඳපළ අධ්‍යනය වගේ දේවල් ජන්කුක්ගේ හිත හැමවෙලේම නිදහස් කෙරෙව්වා. සමහරවිට වෙන කෙනෙක් හිනා වෙයි අවුරුදු විසි එකක මනුස්සයෙක් ඒ වගේ දෙයක් ගැන එහෙම කියද්දි. ඒ වුණාට ජන්කුක්ගේ තාත්තාගේ සෙකට්‍රි එයාට කොටස් වෙළඳපළ , ව්‍යාපාර කළමණාකරණය වගේ දේවල් ගැන උගන්නන්න පටන් ගත්තේ එයාට අවුරුදු දහයක් වෙද්දි.

Young Money  (Jikook Ongoing)Where stories live. Discover now