ජිමින් එක්ක ගත කරන හැම විනාඩියක්ම තත්පරයක් වගේ දැනෙන්නේ , කාර් එකේ ඉඳගෙන විනාඩි දහයක් යන්නත් කලින් නිදා වැටිලා ඉන්න ජිමින්ගේ චෙස්නට් පාට කොණ්ඩේ අතරින් ඇඟිලි තුඩු යවන ගමන් ජන්කුක් කල්පනා කළා. එයා එක්ක ඉන්න ලැබෙනවා නම් ආයෙත් සම්පූර්ණ දවසක්ම කෝපි සහ මෙලෝ රහක් නැති ක්ෂණික රාමෙන් වලින් ගත කරන්න ජන්කුක් ලෑස්තියි.ජිමින් නින්දෙන්ම යන්තමින් වෙව්ලන්න පටන් ගත්ත නිසා ජන්කුක් එයාව තවත් එයාගේ දිහාවට ඇදලා ළං කරගෙන එයාගේ ඔළුව ජන්කුක් දිහාවට හරවා ගත්තා. සුපුරුදු උද්දච්ච හිනාව නැතුව තියෙද්දි ජිමින් වෙනදාටත් වඩා ලස්සනයි. එයාගේ පුංචි නහය , බෝල කම්මුල් , පිම්බුණු තොල් එක්ක ජිමින්ව හපන්න හිතෙන තරම් හුරතල් පාටයි. ජන්කුක් එයාගේ සිතුවිලි දුවන පාර ගැන සිහියට ආපු ගමන් ඇස් කැරකෙව්වා.
ඒත් වීදි ලාම්පු වල එලිය ජිමින්ගේ මුහුණට වැටෙද්දි ජන්කුක්ගේ ඇස් වල ඇදුනේ කලබලකාරී ගතියක්. ජිමින්ගේ තොල් සීතලට නිල් වෙලා තිබුණා. ඒ නිල් පාට තොල් උණුසුම් ජල තටාකයක , එහෙමත් නැත්තම් උණුසුම් පොරවනයක අවශ්‍යතාව තදින්ම මතක් කලත් ඒ දෙකම තවත් විනාඩි කිහිපයක්ම දුරින් තිබුණේ.
"ප්ලීස් , තව ටිකක් ඉක්මන් කරන්න පුළුවන් ද ?"
ජන්කුක් අහද්දි ටැක්සි රථ රියදුරා නුරුස්නා සුළු බැල්මක් දුන්නත් එයාගේ අතේ තිබුණු නෝට්ටුව රියදුරාගේ ඇස් ගැටෙද්දි රථයේ වේගය වැඩි වෙන විදිහ ජන්කුක්ට දැනුනා.
වේග සීමාවෙන් එහාට ධාවනය වෙච්ච විනාඩි දහයකට පස්සේ එයාලා එයාලගේ නිවසට ළඟා වුණා. ජන්කුක් ටැක්සියට ගාස්තුව ගෙවලා එයාගේ අත් අතර නිදන් ඉන්න පුංචි සුර දූතයා කූද්දන්න උත්සහ කලා.
"ජිමිනී"
එයා කනට කරලා කොඳුරන ගමන් ජිමින්ගේ නළලෙන් හාදුවක් තැවරුවා.
"අපි ගෙදරට ඇවිත් ඉන්නේ. ඔයාට නැගිටලා ඇතුලට යන්න වෙනවා වෙව්ලන එක නවත්තගන්න ඕනේ නම්."
නිදිමතෙන් බර වෙලා තිබුන ඇස් ඇරුනේ ගැටලුකාරී බැල්මක් එක්ක. ජිමින්ට තේරෙද්දි එයාලා කොහෙද ඉන්නේ කියලා එයා සතුටින් හිනා වෙලා ආයෙත් ජන්කුක්ගේ අත බදාගත්තා.
YOU ARE READING
Young Money (Jikook Ongoing)
Fanfiction-sinhala translation Jungkook's place in the world of money had been determined since his birth. He never went against his parents' plans, seeing no point in opposing. When he meets his future brother-in-law, his structured life gets an interesting...