D-14

88 25 0
                                    


කලින් දවසේ එයාලට මුණ ගැහෙන්න තිබුණේ විවාහ සැලසුමකරු වෙච්ච හරිම ප්‍රියමනාප තරබාරු මිස්ටර් බෑන්ග්. අද එයාලට තිබුණේ වෙඩින් කේක් එක තීරණය කරන්න යන්න.

එයාලා කේක් ෂොප් එකේ වීදුරු දොර ඇරගෙන ඇතුලට යද්දිම පුළුල් උරහිස් තියෙන කඩවසම් මනුස්සයෙක් එයාලව පිළිගන්න ඉස්සරහට ආවා.

"හෙලෝ මිස්ටර් බෑන්ග්. මං හරි නම් අපි දැනටමත් ෆෝන් එකේ කතා කරලා තියෙනවා ?"

එයා විවාහ සැලසුමකරු , මිස්ටර් බෑන්ග්ට ආචාර කළා.

"කවුද ඉතින් අපේ අලුත් මනමාල ජෝඩුව ?"

මිස්ටර් බෑන්ග් ජිමින් සහ මේ දිහාවට අතක් දික් කලා.

"මේ ජියෝන් මේ සහ පාක් ජිමින්. මනමාලිට පිටිපස්සෙන් ඉන්නේ එයාගේ සහෝදරයා , ජියෝන් ජන්කුක්. එයා එක්ක ඉන්න අනිත් මෙනවිය මිස්ටර් ජියෝන් විවාහ ගිවිසගෙන ඉන්න කෙනා , කිම් ජූන්යෝ"

මිස්ටර් බෑන්ග් එයාලව හදුන්වා දුන්නා.

"එතකොට මේ ඉන්නේ කිම් සොක්ජින් , මම දැකපු හොඳම කෝකියන්ගෙන් එක්කෙනෙක් මේ ඉන්නේ"

මිස්ටර් බෑන්ග් එහෙම කියලා සොක්ජින් දිහාවට හැරුණා.

"අපිට මෙයාලගේ අම්මලා එනකම් ඉන්න වෙනවා"

"ඒකට කමක් නෑ. එන්න මං ඔයාලට එතකම් අපේ කේක් පෙන්නන්න."

මිස්ටර් කිම් එයාලව පිටුපස කාමරයකට එක්කන් ගියා. එතන එයාලා ඒ වෙද්දිත් ජියෝන්-පාක් පවුලට තෝරගන්න කේක් වර්ග තුනක් ලෑස්ති කරලා තිබුණේ. හැම කේක් කෑල්ලක්ම පිටිපස්සෙන් සම්පූර්ණ කරපු කේක් එක මොන වගේ ද හඟවන විදිහේ පින්තූර රදවලා තිබුණා. ඒවා ඇත්තටම හරිම ඉහල පාන්තික පාටයි.

එකක් සම්පූර්ණයෙන්ම චොක්ලට් වලින් වැහිලා තිබුණේ ඒකේ පාට පාටින් තිබුන පුංචි සැරසිලි කැපී පෙනෙන විදිහට. තවත් එකක් ලා රෝස පාට රෝස මල් වලින් වැහුණු සුදු පාට ෆොන්ඩන්ට් වලින් වැහුණු කේක් එකක් වුණා. අන්තිම කේක් එක දිලිසෙන කැරමල් වලින් වැසුණු රන්වන් පාට එකක්.

පැය භාගයකටත් වඩා බලන් හිටියට පස්සේ මිසිස් ජියෝන් මේට දුරකථන ඇමතුමක් දීලා කියලා තිබුණා එයාලට එන්න වෙන්නේ නෑ කියලා. ඉතින් එයාලා හතරදෙනා මේසයෙන් වාඩි වුණේ මිස්ටර් කිම් කේක් එක කපලා එයාලට පිළිගන්වන අතරතුර.

Young Money  (Jikook Ongoing)Donde viven las historias. Descúbrelo ahora