"බුදු අම්මෝ................"
කියාගත්තු නැම්ජූන් තමන්ගෙ කකුල් දෙක මැද්ද අත් දෙකෙන් අල්ලගෙන බිමට නැවුණා.
"ආවා මෙතන අතවර කරන්න.අසහනකාරයා.මේ ජින් එක්ක කොහෙද ඒ සෙල්ලම්.හුහ්...."කියමින් කොන්ඩ කෑල්ලක් උඩ යන්න කටින් හුලං පිඹපු ජින් බාතෲම් එකට රිංගුවෙ අසාධ්‍ය තත්වෙන් පසුවුනු නැම්ජූන් ගැන ඩිංගක්වත් හිතන්නෙ නැතුව.
"Hello Dr.ජැක්සන්.ඔව්.දැන් එන්න පුළුවන් වෙයිද මෙහෙට.එකෙක්ට හොද පාරක් වැදිලා.......හරි හරි doctor.එහෙනම් එන්නකො"යුන්ගි කෝල් එක කට් කලේ තමන්ගෙ අහිංසක අවයවය අත් දෙකෙන්ම වහගෙන,කකුල් දෙක නවාගෙන,දෙකට තුනට නැවීගෙන එන නැම්ජූන් දිහා බලාගෙනමයි.
මේ අතරෙ බාතෲම් එකට රිංගපු ජින්ගෙ තත්වෙ මීට හාත්පසින්ම වෙනස් උනා.
"එයා මොකද්ද ඒ කරන්න ගියේ?දෙයියනේ තව ටිකෙන් මගෙ පපුව ගැලවිලා අතට එනවා.calm down Jin calm down.ඒක එච්චරයි.ඇයි ඔහොම බය වෙන්නෙ?"
.............................................................................................
සතියක් දෙකක් හෙමිට ගෙවිලා ගියේ නැම්ජුන් හා ජින් දෙන්නා එකාට එකාගෙ මූණවත් බලන්නෙ නැති තැනට පත් කරලා වගේම තේහියුන්ව හා ජන්කුක්ව එකිනෙකාට සමීප කරවලා.සමීප කරවලා?ඔව් ඒක උනේ මෙහෙමයි.පුංචි පුංචි දේවල් වලිම්.
පුංචි ජන්කුක්ගෙ හිතට නොතේරෙන මොකද්ද මංදා හැගීමක් නිසා එයාට තේහියුන් ට කිට්‍ටු වෙන්න වුවමනා උනා.ඒත් එයාව චුට්ටක්වත් ගණන් ගන්නෙ නැති මේ මනුස්සයට කිට්ටු වෙන්න ජන්කුක් පොඩි පොඩි දේවල් ටිකක් කලා.
හැමදාම තේහියුන් වැඩට යන්න කලින්.......
හෝව් හෝව් වැඩට යන්න කලින්?
ඔව්.මාෆියා ටීම් එකක මිනිස්සු උනාට මෙයාලා සමාජෙ ඉදිරියෙ හොද වැදගත් බිස්නස්මන්ලා.මොකද තමන්ට මෙච්චර සල්ලි එන්නෙ කොහෙන්ද කියලා මිනිස්සුන්ට සැකයක් ඇති නොවෙන්න කටයුතු කරන්නයි එයාලට ඕනි උනේ.කලු සල්ලි වගේම සුදු සල්ලිත් එයාලගෙ වත්කම් අතරෙ තිබ්බා.
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...