ශල්‍යාගාරය ඉදිරිපිට පැවති නිහඩතාවය විටින් විට බිදුනේ හෙදියක් තල්ලු කරන් යන ට්‍රොලියකින් හා සිහින් ඉකිගැසීමකිනි.
තමන් බෙහෙවින් ආදරය කරන තමන්ගෙ පූස් හියුන්ග් ශල්‍යාගාරය තුල සිටින බව දැනගත් මොහොතේ සිට පටන් ගත් පුංචි කුකීගේ ඇඩීම සිහින් ඉකියක් බවට පත් වූයේ මීට මිනිත්තු කිහිපයකට පමණ පෙර සිටයි.ශල්‍යාගාරය ඉදිරිපිට ඇති සෝපාව මත පුංචි කුකීව තම පපුවට තුරුල් කරන් සිටි ජින් විටින් විට නැම්ජූන් දෙස බැලුවද සුළු තුවාල ලබා සිටි නැම්ජුන් නොයිවසිල්ලෙන් තම දෑත් පිරිමදිමින් සෝපාව ඉදිරියෙන් එහෙට මෙහෙට ඇවිද්දා විනා ජින් දෙස බැලීමට වෙහෙසක් නොගත්තා.
"ට්..ටේ......ටේටේ හියුන්ග් කෝ ජූනි හියුන්ග්? මගෙ ටේටේ හියුන්ග්ට මුකුත් වෙලා නෑ නේද ජූනි හියුන්ග්? අනේ කතා කරන්නකො.කුකී බබා බය වෙලානෙ ඉන්නෙ"
පුංචි කුකීගේ හඩින් පියවි සිහියට පැමිනි නැම්ජූන් ඉක්මනින්ම කුකී ඉදිරිපිට දණ ගසා පුංචි කුකීගේ මුහුණ තම දෑත් මතට ගත්තා.
"ඔයාගෙ ටේටේ ට මුකුත් වෙලා නෑ කුකී බබා.එයා තව ටිකකින් එයි."
අඩාම හෙම්බත් වී තිබූ කුකීගේ මුව මත සිහින් සිනහවක් ඇදෙනු දුටු නැම්ජූන් මෙතරම් වෙලාවක් තම අවදානය මේ දෙපලට යොමු නොකිරීම ගැන තමන්ටම දොස් නගාගත්තා.විශ්වාසවන්තම සෙබලුන් පිරිසක් සමග ජින්ව හා කුකීව රෝහලට ගෙන්වාගත්තේද නිවස තුල තමන් නොමැතිව ඔවුන් කලබල වෙන බව නැම්ජූන් හොදින්ම දන්නා නිසා වුවත් මෙතැනට ඔවුන් පැමිනි මොහොතේ සිට තමන්ට ඔවුන් ගැන සැලකිල්ලක් දැක්වීමට අමතක වීම ගැන නැම්ජූන් පසුතැවුනා.
ජින් හා කුකී හිදගෙන සිටි සෝපාවේම ඉදගත් නැම්ජූන් තම දෙඅත්ල එකට තමා බැදගෙන මදක් ඉදිරියට නැවී කල්පනා කරන්නට වූයේ තේහියුන් මෙතරම් ප්‍රමාද වීමට හේතුව කුමක් විය හැකිද යන්නයි.
.............................................................................................."පරයා........කියපං තව නැව් කීයක් යවන්න ලෑස්ති කරලා තියෙනවද කියලා? "
![](https://img.wattpad.com/cover/330516103-288-k851520.jpg)
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...