වර්ෂ 1975ඩේගු හමුදා කදවුර
"කණ්ඩායම පහසුවෙන්........... සිටින්"
උදෑසන පුහුණුවීම් වලින් අනතුරුව හමුදා කඳවුරේ සෙබලුන් සියල්ලම උදෑසන රැස්වීම සඳහා පෙළ ගැසුණේ හමුදා ජ්‍යෙෂ්ඨ සැරයන් මින්ගෙ අණින්.
"සුභ උදෑසනක් සියලු දෙනාටම........"
ඒ ගැඹුරු කටහඬ කඳවුරු භූමියේ අවදි වෙද්දි ඒ හඬට අමතරව කඳවුරු භූමිය තුළ ඇසෙන්නට තිබුණේ සුළං හමන හඬ,ගස් වල කොල සෙලවෙන හඬ හා විටෙන් විට පියඹා යන පක්ෂියෙකුගේ පියාපත් ගැටෙන හඬ පමණක්ම වුණා.එතරම් බලපෑමක් ඒ තේජසින් පිරි හඩටකිරීමට හැකියාවක් තිබුණා.
නිදහස් වෙලාවලදි නළලටකඩාවැටෙන්නට තිබූ මදක් කැරළි සහිත ඝන කළු කොණ්ඩය හොඳින් පිටුපසට පීරා තිබූ අතර එය වැසී තිබුණේ හමුදා නිල හිස් වැසුමෙනි.අත් දිග දුඹුරු පැහැ හමුදා නිළ ඇඳුමින් ඒ උස් සිරුරේ හැඩි දැඩි බව මනාවට විදහා දැක්වූවා.කතා කරන විට උඩ පහල යන තියුණු උගුරුදණ්ඩ ද,පිරිස දෙස ඍජුව බලා සිටින උකුස්සෙකුගේ වැනි තියුණු දෑස් ද,සිහින් නමුත් පිරිපුන් ලා රත් පැහැ දෙතොල් ද,නහර ඉලිප්පී තුබුණු දෙඅත්ද ඒ මිනිසාට උරුම කඩවසම් බව තව තවත් ඉහළ නැංවූවා.
කැප්ටන් කිම් වැන්ටේ.
මුළු රට පුරා නම පැතිරී ගිය ඒ දක්ෂ කැප්ටන් වරයා.
දක්ෂකමට,නිර්භය කමට, බුද්ධිමත් බවටම සරිලන පරිදි ඔහුට හිමි වී තිබූ ඒ කඩවසම් බව නිසා කදවුර තුළ කැප්ටන් කිම්ට තිබූ ජනප්‍රියත්වය ඉහළ නැංවී තිබුණා.රට පුරා සිටි බොහෝ මිනිසුන් කැප්ටන් කිම්ගේ රුව දකින්නට පෙරුම් පුරමින් සිටියේ කඳවුරේ භටපිරිස්,ඉහළ නිලධාරීන් හැරෙන්නට පිට සිටි බොහෝ අය කැප්ටන් ගේ හැකියාවන්, කඩවසම් බව අසා තිබුණා හැරෙන්නට සියැසින්ම ඔහුව දැක නොතිබූ බැවින්.කඳවුරේ සිටි භටපිරිස්,කැප්ටන් යටතේ සිටි ප්‍රධාන නිලධාරීන් මෙන්ම සමහර වෙලාවල්වල කැප්ටන් කිම්ට වඩා ඉහළ නිලධාරීන් පවා කැප්ටන් කිම්ගේ පෞරුෂත්වය ඉදිරියේ යටහත් වූ අවස්ථා ඕනෑ තරම් තිබුණා.කැප්ටන් කිම්ට තිබුණෙ dominant අවුරාවක් කිව්වොත් වඩාත් නිවැරදියි.
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfic"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...