"උබ පැනලා යන්න හිතුවා මදි කාලකන්නියා"
කෑලි කැපිය හැකි අදුරකින් මුලු සෝල් නගරයම වසාගෙන තිබූ වේලාවෙහි රාත්රී 10 කණිසම වැදුනේ නිහඩතාවෙන් තිබූ පරිසරය මදක් වෙනස් කරමිනි.
"මම මුකුත් දන්නෙ නෑ.මම ඕනි කරන Item එකක් දෙකක් උස්සලා දෙන උන්ගෙන් එකෙක් විතරයි"
"YJ, RM Sir ට කෝල් එකක් දාලා අහපං මූව අරං එන්නද නැත්තං මෙතනම ඉවරයක් කරලා දාන්නද කියලා"
YJ ට ආමන්ත්රණය කල YJ නැමැත්තාට වඩා මදක් උසින් අඩු කඩවසම් තරුණයා බිම දණ ගසාගෙන සිටි ඔවුන්ගේ වැරදිකරුවාට නැවතත් පයින් පාරක් එල්ල කලේය.
"KT,ඕකට තව ගහන්න එපා.RM Sir එනවා කිව්වා මෙතනට.එතකං මූ පණපිටින් ඉන්න ඕනිනෙ"
බිම දණගසා සිටින්නාගේ මුවින් එක දිගටම වේදනාත්මක කෙදිරිලි පිට විය.
"ටිකක් ඉවසන් ඉදපං.කොහොමත් උබට තව ටික වෙලාවකින් මේ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන්"KT නැමති තරුණයා පැවසුවේ සිරකරුගේ මුව දෙපස තදින් අල්ලා දෙපසට වනමිනි.
"තව කොච්චර වෙලා යයිද බං?"KT ඇසුවේ YJ ගෙන්ය.
"කොච්චර වෙලා ගියත් අවුලක් නෑනෙ බං.මේක අපේ පොට් එකක්.වෙන උන්ට මෙතනට එන්න බෑනෙ"
YJ පැවසුවේ එකදු තරුවක්වත් නොමැති අහස දෙස බලාගෙනය.ඔව්.මෙය එලිමහන් ගබඩාවක්.නොදන්නා ඕනෑම පුද්ගලයෙක් අතහැර දැමූ ගබඩාවක් ලෙස සිතන මුත් සැබැවින්ම තවමත් ක්රියාකාරී අන්දමේ ක්රියා සිදුවන ගබඩාවක්.කිසිම පුද්ගලයෙකු මෙම ගබඩාවට ඇතුලු වීමට සිහිනෙන්වත් නොසිතන්නේ සොරකම සදහා හෝ වේවා,ඔත්තු කටයුත්තක් සදහා හෝ වේවා මෙයට ඇතුලු වූ කිසිදු පුද්ගලයෙකු පණ පිටින් නැවත දැකීමට නොලැබීම ප්රසිද්ධ රහසක් වුනු නිසා.ගොඩක් දෙනා අතර මෙය ප්රසිද්ධ උනේ හොල්මන් සිටින තැනක් කියලා. නමුත් මිය ගිය එක මිනිසෙකුට හෝ කතා කරන්න පුළුවන් උනානම් කියාවි තමන් මිය ගියේ හොල්මන් අතින් නොවන බව.
මේ ගැන දන්නා කිසිදු මිනිසෙක් විහිලුවට හෝ මෙම ගබඩාවට ඇතුල් වෙනවා තියා ඒ ගැන සිතීමට හෝ නොපෙලඹුනි.නමුත් මේ ගැන නොදන්නා......මේ පලාතට අලුත් කෙනෙක් එසේ කලොත්? ඒ එක් අයෙක් නොවේ දෙදෙනෙකු උනොත්?
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...