Chapter 15 ❤️💙

117 29 61
                                    

"කැප්ටන් කවද්ද එන්නෙ එතකොට?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කැප්ටන් කවද්ද එන්නෙ එතකොට?"

"හෙට රෑ වෙද්දි එන්න පුළුවන් වෙයි ගුකී"

කැප්ටන් හිටියේ ලියකියවිලි තැන්පත් කරලා සකසපු කඩදාසි කවරයක් තමන්ගේ කුඩා ගමන් මල්ලෙ තැන්පත් කරන ගමන්.කාර්තුවකට වරක් එළඹෙන හමුදා ප්‍රධාන මූලස්ථානයෙ තියෙන රැස්වීමට කැප්ටන් වගේම commander නැම්ජූන්,sergeant යුන්ගි තුන්දෙනාටම සහභාගි වෙන්න නියමිත වෙලා තිබුනා.කැප්ටන් තමන්ගෙ රාජකාරි කුටියට යාබදව නිම කරලා තිබුණු කුඩා නිදන කාමරයට වෙලා ගමන්මල්ල ලෑස්ති කරද්දී කැප්ටන්ගෙ නිදි ඇද උඩට වෙලා ඉදගෙන කකුල් දෙකත් පද්ද පද්ද මූණත් බෙරි කරන් හිටපු ගුකීගෙ අත් අතරෙ එයාගෙ ලස්සන හියුන්ග් දුන්නු වතුර බෝතලෙත් මිරිකිලා තිබුනා.

කැප්ටන් ගේ නිදන කාමරය වුණත් දැන් ගුකීට අරුම පුදුම තැනක් වුණේ නැහැ.මොකද කැප්ටන් රාජකාරි කුටියෙ පේන්න හිටියෙ නැත්තං කැප්ටන්ගෙ නිදන කාමරයට කෙලින්ම දුවන් එන්න පුංචි ගුකී පුරුදු වෙලා හිටියා.මේ හේතුව නිසා කාලෙකට කලින් තමන්ගේ නිදන කාමරයට වෙලා තමන්ට ඕනෑ ආකාරයට නිදහසේ හිටපු කැප්ටන් දැන් හිටියෙ හරි විමසිල්ලෙන් වගේම පිළිවෙලින්.මොකද අර පුංචි කරදරකාරයා එන වෙලාවල් කැප්ටන්ටවත් අනුමාන කරන්න පුළුවන් වුණේ නැහැ.

කඳවුරේ කොනටම වෙන්න වගේම සරණාගත කඳවුරට මායිම් වෙන්නට කැප්ටන්ගේ රාජකාරි කුටිය හා නිදන කුටිය නිමවෙලා තිබුණු නිසා ගුකී හැමවෙලේම මේ කුටිවලට රිංගන එක කාගෙවත් ඇහැ ගැටිලා තිබුණෙ නැහැ.මොකද සරණාගත කඳවුරට වුණත් මුහුණලා තිබුනේ කැප්ටන් ගේ කුටියේ පසුපස කොටස.ඉතින් වතුර බෝතලය පුරවන් ඒක බොන ගමන් ඇවිදින ගුකී මහන්සි හැදුනහම ඔය කුටිවලට රිංගන එක කවුරුත් දැනන් හිටියේ නැහැ.හැබැයි එක්කෙනෙක් ඇරෙන්න.මේ හැමදේම යුන්ගිගෙ තියුණු ඇස් වලින්නම් හංගන්න බැරි උනා.

For My Soulful Love ❤️🥀 (On Hold)Where stories live. Discover now