Daegu ප්‍රදේශයේ නිවසක් තුල එම රාත්‍රියේදීම...............
"නිදාගන්න හොසොක්...ඒ හැමදේම අතීතෙට අයිති දේවල්.ඔව්වා ගැබ හිතන්න එපා.උනු දේ උනා.අපිට ආයෙ ඒ අතීතෙ හරිගස්සන්න බෑනෙ.කෝ මේ වතුර එක බීලා නිදාගන්න.එකපාරටම ඔයා හීනෙන් කෑගැහුවම අප්පයි මායි දෙන්නත් බය උනා."
"සොරි පපා"
..............................................................................................
"අද schedule එක කොහොමද ජීසු?"
"සර්,අද Choi company එකෙන් එනවා කිව්වා ඇග්‍රිමන්ට් එක අලුත් කරන්න.එයාලගෙ අවුරුදු 2ක time period එක ඉවර වෙනවා මේ month එකට.තව පැයකින් අපිට එයාලා එක්ක meeting එකක් කරන්න තියෙන්නෙ.සර්,Mr.Kim ඉන්න කාලෙ තමා මේ ඇග්‍රිමන්ට් එක සයින් කලේ Mr.Choi.ඒ උනාට අද එන්නෙ Mr.Choi ගෙ පුතා කියලා දන්වලා තියෙනවා."
"Ok ජීසු.එහෙනම් ඒක ready කරන්න."
ජීසු කැබින් එකෙන් එලියට ගියාට පස්සෙ තේහියුන්ගේ මූනට එක පාරටම හිනාවක් ආවෙ එයාගෙ ගෙදර ඉන්න පොඩි හා පැටියව මතක් වෙලා.කුකී එදා උනු සිද්ධියට පස්සෙ දවසක් දෙකක් තමන්ව මග ඇර ඇර ඉදලා ඊටපස්සෙ ඉදං නාහෙන් අඩ අඩ ආයෙමත් තමන්ගෙ පස්සෙන් කැරකෙන්න පටන් ගත්තු හැටි තේහියුන්ට මතක් උනා.
දවසක් දෙකක්ම කාර් එක ලගට ඇවිල්ලා තේහියුන් වාහනේට නගිනකංම කුකී එයාගෙම නලලට තට්ටු දදා ඉදලා තේහියුන් කාර් එකට නැග්ගට පස්සෙ බායි කියන්නෙවත් නැතුව ගස්සගෙන ගිය හැටි තේහියුන්ට මතක් උනා.එදා සිද්ධිය යුන්ගි දැක්කෙ නැත්තං තාමත් කුකිට උදේට උදේට කාර් එක ලග ඉදලා ගස්සන් යන්න වෙනවා නේද කියලා මතක් උනු තේහියුන්ට හයියෙන් හිනා ගියා.
"ඒ පොඩි එකා නලල පෙන්න පෙන්න ඉල්ලන්නෙ කිස් එකක් තොගෙන්.ඒකවත් තේරෙන්නෙ නෑනෙ මීමැට්ටා තොට"
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfic"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...