"හියුන්ග් හියුන්ග්.........."
උදෑසනම කූඩාරමෙන් පිටවෙලා ගිහින් විනාඩි ගානකින් නැවත වතාවක් කූඩාරම් කුටියට දිව ආපු ගුකී හතිලමින් කතා කරන්නට වුනේ ජින්ට.ඇග සෝදවං ආපු හොසොක්ට කලිසමක් අන්දන ගමන් හිටපු ජින් ගැස්සිලා හැරිලා බැලුවෙ ගුකීගෙ හඩේ තිබුනු කලබලකාරී ගතියට.
"අනේ ඇයි පැටියො?"
දින ගණනකට පෙර ගුකීට සිදුවන්නට ගිය අනතුර ගැන තවමත් දැඩි ලෙස කම්පනකාරී සිතිවිලි වලින් සිත පුරවගෙන හිටපු ජින් හොසොක්ගෙ කලිසමේ නූල්පට ගැටනොගහා ගුකී ලගට දුවගෙන ආවෙ හොසොක්ගෙ කලිසම ඒ පුංචි කකුල් දෙකෙන් රූටලා පහලට වැටෙද්දි.
"අනේ හියුන්ග්.......බය වෙන්න එපා.ගුකී හියුන්ගෙන් අවසරයක් ගන්නයි ආවෙ."
"ඒ මොකටද?"
ගුකී හිනාවීගෙන කියද්දි ජින් ගුකීගෙන් කල්පනාකාරී ලෙස ප්‍රශ්න කලේ චූටි අත් වලින් තමන්ගෙ කලිසම බාගෙට උස්සන් ලගට ආපු හොසොක්ගෙ කලිසමේ නූල්පට තද කරලා ගැටගහන ගමන්.
"කැප්ටන් අද නගරයට යනවා කිව්වා.මටත් කැමතිනම් එන්න හැකියි කියලා කිව්වා කැප්ටන්"
ගුකී තමන්ගෙ සපත්තුවෙන් පොලව හාරමින් කියද්දි ජින් හිනා වුනේ ඊට එකගතාව පලකිරීමට මෙන්.
"පරිස්සමින් ගිහින් එන්න ගුකී"
තමන්ගෙ සොයුරාගෙන් අවසරය ලබාගත් ගුකී දුවගෙන ගියේ කැප්ටන්ගෙ කුටියට.
.
.
.
.
.
"කැප්ටන්.........ජින් හියුන්ග් කැමතියි කිව්වා.........."
කැප්ටන්ගේ කුටිය තුලින් ඔලුව ඇතුලට දාපු ගුකී කෑගහද්දී කැප්ටන්ගෙ මූණ පුරා ඇදුනෙ හරි ලස්සන හිනාවක්.
"කෝ ගුකී,ඇතුලට එන්නකො.........."
කැප්ටන්ගේ ආදරණීය ආමන්ත්‍රණයත් සමගම රාජකාරී කුටියේ දොර වසා ඇතුලට ගිය ගුකී කැප්ටන්ගේ උකුල මතින් හිදගෙන ඒ පුළුල් පපුවට තම හිස හේත්තු කරගත්තා.
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfic"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...