Happy Pillow නවාතැන්පොළ අසල ඒ වන විට පැවතියේ හුස්ම ගැනීමට හෝ අපහසු වාතාවරණයක්.නවාතැන් ගොඩනැගිල්ලේ සිට මීටර් ගණනක් දුරට ගින්න හේතුවෙන් නැගි දුම පැතිරී තිබුණා.හමුදා විශේෂ කාර්ය බලකායට අනුයුක්ත භට පිරිස සමඟ එතැනට ගිනි නිවන හමුදාවද පැමිණ සිටි අතට සියල්ලන්ම යුහුසුලුව කටයුතු කලේ එතැන තත්වය සාමකාමී කිරීමටයි.මිනිසුන්ගේ විලාප හඩවල් මැද්දේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම දියත් වී තිබුනා.
කැප්ටන් කිම් ඇතුළු භට පිරිස නවාතැන් පොලේ ගොඩනැගිල්ල වටා ආරක්ෂාව තර කරමින් සිටි අතර ගිනි නිවන හමුදාවේ මැදිහත්වීමෙන් මේ වන විට පහත මාලයන් හතරේ ගින්න මැඩ පවත්වා තිබුණ ද තවමත් ඉහළ මාලයන් දෙකෙහි ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබුණේ නැහැ.ආරක්ෂාව තර කරන අතරතුරේදීම කැප්ටන් කිම් ඉදිරියේ පේන නවාතැන් ගොඩනැගිල්ල දෙස විමසිලිමත්ව බලමින් සිටියා.ඔව්.........
කැප්ටන් කිම්ට පෙනුනේ පස්වැනි මහලේ තිබුණු ජනේලයක් ලඟින් සෙලවෙන ඡායාවක්.වෙන පුද්ගලයෙකු එය දුටුවා නම් එය අහම්බෙන් දුටු ඇස් රැවටීමක් කියා මඟ හරින්න පුළුවන්.මොකද මෙවැනි අවස්ථාවල එවැනි ඇස් රැවටීම් ඕනෑතරම් සිදුවෙන බැවින්.නමුත් මේ කැප්ටන් කිම්.....
හිතට ආපු මොකක්ද අමුතු හැඟීම නිසා කැප්ටන් කිම් තම ගිනි අවියද අතෙහි දරාගෙන ගිනිගන්නා ගොඩනැගිල්ල තුළට දිව ගියා.
පළමු මහලවල් හතරෙහිම ගින්න නිවා දමා තිබූ හෙයින් කැප්ටන්ට පහසුවෙන් පස්වෙනි මහල කරා ළඟාවීමට හැකි වුණා.පස්වැනි මහලේ ගින්න සම්පූර්ණ ලෙස මැඩපවත්වා නොතිබුණද යම්තාක් දුරකට නිවා දමා තිබූ හෙයින් නැගී දුමෙන් එම තට්ටුව පිරී තිබුණා.
YOU ARE READING
For My Soulful Love ❤️🥀 (On Hold)
Fanfiction"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම් පොඩි කොල්ලෙක් එක්ක මෙහෙම හුරතල් වෙනවා ඇති කියලා" "ඒ හැමදේම ඔයා එක්ක විතරයි මගෙ Euphoria...