Chapter 02 ❤💙

230 38 23
                                    

කුකීවත් ඇදගෙනම පෙට්ටි ගොඩ අස්සෙ හැංගුනු ජින් මෙවෙලෙ හිටියෙ ගැහි ගැහී.මෙතන වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න කුකීගේ පුංචි මොලේට ටිකක් අමාරු උනාට ජින්ටනම් හොදට තේරුම් ගිහින් තිබ්බෙ.කුකීගෙ ඇස් දෙක වහගන්න කියලා මුලදිම රහසින් කිව්ව නිසා චූටි කුකී මේ වෙද්දි ඇස් දෙක තදින් පියාගෙන හිටියෙ.ජින් එයාගෙ අත් දෙකෙන් කුකීගේ කන් දෙක වහගෙන හිටපු නිසා කුකීට එතන උනු කිසිම දෙයක් පැහැදිලිව ඇහුනෙ නැති උනාට හැමදේම ඇහුනු ජින් මෙවෙලෙ හිටියෙ පණ බයේ ගැහි ගැහී.

"කොහොම උන්වද උබ උස්සන්නෙ?"

ඒ හඩ තම දෙසවනට වැටෙනවත් එක්කම ජින්ගෙ හිත හරි වේගෙන් ගැහෙන්න පටන් ගත්තෙ ඇයි කියන එක ජින්ටවත් තේරුනේ නෑ.ජින්ගෙ ඔලුව ඇතුලෙ ඒ හඩ දෝංකාර දෙන්න පටන් ගත්තා.

"ඔයා කවුද කියන එක මට වැඩක් නෑ beauty........මට වැඩක් තියෙන්නෙ ඔයා මට ආදරෙයිද කියන එක විතරයි"

"නෑ.........මේ අත මම කවදාවත් අතාරින්නෙ නෑ"

"බය වෙන්න එපා beauty...... ඔයාට කරදරයක් කරන්නම් ඊට කලින්  මගෙ ජීවිතේ නැති කරන්න වෙයි උන්ට..."

තමන්ගෙ ඔලුව ඇතුලෙ එක දිගට දෝංකාර දෙන්න උනු ඒ හඩ නැවතුනේ එක පාරටම ඇහුනු වෙඩි පාරක් නිසා.

වෙඩි හඩේ ප්‍රබලත්වය නිසත්,ඔලුව ඇතුලෙ දෝංකාර දීපු හඩට තම අවදානය යොමු උනු නිසා ලිහිල් උනු ජින්ගෙ අත් නිසත් ඇහුනු විශාල වෙඩි හඩට හැකි උනා පුංචි කුකීව දැඩි කම්පනයට පත් කරන්න.ජින්ට පුළුවන් උනෙත් විනාඩි දෙක තුනක් එක තැන ගල් ගැහිලා ඉදපු කුකී දිහා බලන් ඉන්න විතරයි.මොකද කුකීව පියවි සිහියට ගන්න උත්සහ කලොත් එලියෙ ඉන්න මාරයො ටිකට අහු වෙයි කියන සාධාරණ බය ජින්ගෙ හිතේ තිබ්බා.තමන් දෙන්නට බේරෙන්නනම් කිසිම සද්දයක් නැතුව මෙතන ඉන්න ඕනි කියලා ජින් දැඩි ලෙස හිතට ධෛර්යය ගත්තා.ඒත් ජින්ගෙ ඒ ධෛර්යය සුණු විසුණු වෙලා ගියේ පියවි සිහියට ආපු කුකිගෙ කටින් පිටවුනු හීන් කෙදිරිල්ල නිසා.ජින් කුකීගෙ කට තම අතකින් තදින් ආවරණය කරගත්තෙ තව සද්ද ඒ කටින් පිට නොවෙන්න.ඒක හුගක් හෙමින් උනු සද්දයක් නිසා කාටවත් ඇහෙන්න ඉඩක් නැහැයි කියලා හිතපු ජින් බලාපොරොත්තු උනේ ඉක්මනටම මෙතනින් යන්න.ඒත් ජින්ගෙ ඒ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දැම්මෙ ගොරෝසු කටහඩක්............

For My Soulful Love ❤️🥀 (On Hold)Where stories live. Discover now