Chapter 08 ❤️💙

168 22 17
                                    

"දෙවියනේ කැප්ටන් කිම්"

වයස්ගත මිනිසා කඩිමුඩියේ ඉදගෙන සිටි තැනින් නැගිට පැවසුවේ හමුදා ආචාරයද පුදමිනි.

"ඔයාට වැරදිලා මම හිතන්නෙ. මම කැප්ටන් කෙනෙක් තියා" අඩුම සොල්දාදුවෙක්වත් නෙවෙයි.  මම නිකංම නිකං කොල්ලෙක්. අනික මම කිම් නෙවෙයි. තේහියුන්"

වයස්ගත නුමුත් කඩවසම් මිනිසා මද වේලාවක් තේහියුන් දෙස බලා සිටියා.

"සමාවෙන්න මහත්මයා මං මම ටිකක් කලබල වුනා"

මිනිසා තේහියුන්ගේ දෑස් මග හැර පැවසුවද තේහියුන්ට කුමක් හෝ වෙනසක් දැනුනා.

"ඒකට කමක් නෑ. මම මේ ඔබතුමාගෙන් විස්තරයක් අහගන්න ආවෙ"

තේහියුන් කලින් වූ සියල්ල අමතක කිරීමට මෙන් සුහද ලෙස සිනාසී ඇසුවා.

" කියන්න මහත්මයා"

"ඇත්තටම මේ අපි පොඩි trip එකක් ආවෙ මෙහෙට.හදිස්සියේ ආව නිසා නවතින තැනක් හොයාගන්න බැරි උනා අපිට. මේ හරියේ නවාතැන් පහසුකම් ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න පුළුවන්ද?"

තේහියුන් සුහද ලෙස සිනාසී කතා කරන අයුරු එම පුද්ගලයා බලා සිටියේ දෑස්වල කඳුළු පුරවාගෙන.

" මහත්මයා තැනක් දන්නවද?"

තේහියුන්ගේ හඬින් මිනිසා තම කල්පනාවෙන් මිදුනා.

"එහෙම නවතින්න තැනක් නම් නෑ මහත්මයා මේ පැත්තෙ එහෙම ලොකුවට. මොකද එහෙම හුඟක් මිනිස්සු එන පැත්තක් නෙවෙයිනේ මෙහෙ"

තේහියුන්ගේ මුහුණින් පෙනුනේ බලාපොරොත්තු කඩවූ අයුරක්.

"හැබැයි මහත්මයා මගේ ඉඩමේ මම ඉන්න ගෙදරට අමතරව තව ගෙයක් තියෙනවා. අපේ ගෙට ටිකක් එහාට වෙන්න ඒක හදල තියෙන්නෙ. පුතාලා දෙන්නට මම ගෙවල් දෙක හැදුවේ නම්.ඒ දෙන්න තාම කසාද බැඳලා නෑ. ඉතින් අර අනෙක් ගෙදර අපි පාවිච්චි කරන්නේ නැහැ. මහත්මයා අකමැත්තක් නැත්නම් මට පුළුවන්ගෙදර මහත්තයට නිවාඩුව ගත කරන්න දෙන්න"

For My Soulful Love ❤️🥀 (On Hold)Where stories live. Discover now