Chapter 03

247 34 22
                                    

Jeon Jung Kook's POV

ටේ හ්යොන්ග් එක්ක හොඳ රවුමක් දාලා අනිත් හ්යොන්ග්ලාවත් බලලා මම මගෙ apartment එකට පාගලා ගියා.. මම හිටියෙ හොඳටම නිදිමතේ.. ඒ හන්දා මට ගෙදර ගිහිං ඇඳට වැටෙන්න පුදුම හදිස්සියක් තිබ්බෙ.. apartment එකේ parking area එකට හැරෙව්වා විතරයි...

කෙල්ලෙක්!!

Phone එකත් ඔබ ඔබ!!

මම දැක්කෙ නැත්තං එහෙම මේ වෙද්දි ඒ කෙල්ල ඉස්පිරිතාලෙ ඇඳක් උඩ..

හයියෙන් හෝන් එකත් වැදුණා එකපාරට break කරපු පාර..

ආව කේන්තියට කවුද බලන්නෙත් නැතුව මම කෑ ගැහුවා..

- "කොයි ලෝකෙද ඕයි යන්නෙ????"

- "තමුසෙ??" ඒ කෙල්ල ඇහුවා

එතකොටයි මම බැලුවෙ කවුද කියලා.. අම්මටහුඩු මේ අර කටුස්සි... මොන මඟුලක්ද මෙහෙ කරන්නෙ..

එච්චරයි මම හිතුවෙ.. මොකද ඒ එක්කම මට මතක් උනා මට හොඳටම නිදි මතයි කියලා..

- "එහාට වෙනවා හලෝ අනුන්ගෙ මඟුල් හොයන්නැතුව... අහකට වෙන⁣වා ඉතින්!!!!!"

ආයෙත් සද්දෙට හෝන් කරලා මම කාර් එක park කරලා ඇතුළට ගියා.. පොඩි වැඩ වගේකට මෙතන මැනේජර්වත් හම්බවෙලා මම apartment එක තියන floor එකට යද්දි කවදාවත් නැතුව lobby එකේ lights දාලා තිබ්බා...

මේ floor එකටම තියෙන්නෙ apartments දෙකයි.. එකක මම.. අනිත් එකට මීට මාස තුන හතරකට කලින් කවුද ආවා.. කියන්න සතුටුයි මම අද වෙනකන් ඒ කෙනාව ඇහැටවත් දැක්කෙ නෑ.. මොකද මම apartment එකේ වැඩිය රැඳෙන්නෙ නෑ..

Elevator එක land කරන්නෙ මේ apartment දෙකටම අයිති lobby එකකට.. ඒකෙ lights දාන එක වගේ ඒවා staff එකෙන් කරන්නෙ නෑ.. මොකද මම එපා කියලා තියෙන්නෙ.. අද නම් අර අනිත් එක්කෙනාත් ඉන්නවා වගේ.. lights දාන්න ඇත්තෙ එයා..

මම ඉතින් එයාගෙ apartment එකේ main door එක ගාවට ගියා..

අසල්වාසීන්ව අඳුරගන්න එපැයි.. කවුද දන්නෙ එහා ගෙදර මොන මොන ජාතියෙ අය පදිංචි වෙලාද කියලා..

Bell එක ගහන්න කලින් මම දොරේ තියන පොඩි glass panel එකෙන් ඇතුළ බලන්න හැදුවා..

එත් එක්කම කව්රුහරි එකපාරට මාව අනික් පැත්ත හරවලා දොරට තද කරලා හේත්තු කරලා එයාගෙ එක දනිස්සක් මගෙ එහාපැත්තෙන් දොරට තියාගෙන මගෙ බෙල්ලෙන් අල්ලගත්තා...

Trapped In Love | JJK (Completed)Where stories live. Discover now