Jeon Jungkook's POV
- "කුකී ඔප්පා"
මම මෙච්චර දවසක් එයා මට කතා කරනකන් ආසාවෙන් බලන් හිටපු නම් වලින් එයා මට කතා කරනවා..
එහෙම කතා කරලා කියනවා එයාගෙ exව ගෙනත් දෙන්නලු..
මම දුක් වෙන්නද ඕනෙ සතුටු වෙන්නද ඕනෙ..?
- "එ...යා ඔයාගෙ.. යාළු..වෙක්ද කු..කී..? එදා ඔයා... එයා එක්ක කතා කරේ හොඳට.. එය..යි ඔයයි යාළුවො..ද??"
- "ඔ..ඔව්.. අපි අඳුරනවා"
- "එයා මං ගැ..න ඇහුවෙ නැද්..ද කුකී..ගෙන් ඊට.. පස්සෙ..?"
- "අපි හම්බවුනේ නෑ යූජි...න්"
- "හම්බුනත්...එයා මං ගැ..න අහන්නෑ... ඔප්පා... එයා ආස නෑ මට... ඇයි ඔප්..පා එහෙම..උනේ.. මට ඕනෙ..ම වෙ..ලේදි එයා මා..ව දාලා ගි...යා කුකී..."
- "යන මිනිස්සු කොහොමත් යනවා යූජියා... අපි එයාලට යන්න දෙන්න ඕනෙ.."
- "මං..මං එයාව තියාගත්...තෙ නෑ... එයාට යන්..න ඕනෙ කිව්..වම.. මං යන්න... දුන්නා.."
- "ඒ උනාට ඔයා තාම එයාගෙන් අයින් වෙලා නෑනේ.."
- "මට.. ඕ..නෙ කුකී.. මට ඕ..නෙ නෑ.. මෙහෙ..ම වෙන්..න.. ඒ උනා..ට මට බෑ..නේ...ම.. මම.. මො.කද කර..න්නේ??"
- "ඇයි බැරි යූජියාහ්.. ඔයාට මෙච්චර කල් ගිහිල්ලත් අමතක කරන්න බැරි තරමටම එයාගෙයි ඔයාගෙයි ලස්සන මතක පිරිලද.. හ්ම්ම්..?"
මම එහෙම අහද්දි හරිම අසරණ විදියට මගෙ දිහා බලපු යූජින් මගෙ පපුවට එයාගෙ ඔලුව හේත්තු කරලා මට තුරුල් උනා..
අපි තාමත් පඩිපෙළ ගාව.. බිම ඉඳගෙන..
- "එයා..ගෙයි ම..ගෙයි එහෙ..ම.. ලස්..සන මත..ක නෑ.. ඔප්..පා..."
එයා කතා කරේ බිඳුණු හඬකින්..
- "එයා.. අඩු ත..රමේ.. මාව ඔ..යා වගේ..වත්.. තුරුල්.. කරගෙන.. නෑ.."
- "ඒ උනාට ඔයා ආසයිනේ එහෙම කරනවට..?"
ආයෙත් කෙලින් වෙලා එයා මගෙ දිහා බලාගෙන කතා කරන්න ගත්තා...
- "ඔව්ව්ව්... මම.. ගොඩා...රියක් ආස..යි.. මාව.. තුරු..ල් කරග..න්නව..ට.. හුස්ම හිර..වෙනත..රම්..තද ක..රලා මාව බදාග...න්නවට..මගෙ මූණ හැම..තිස්සෙ ඉඹිනවට.. මාව ළඟ..ටම කරලා තියන්.. ඉන්නවට.. මම ගොඩාාාා..ක් කැමති..යි... ඒත්..එ..යා.. ඒ මොන..වත් කරේ නෑ..."
YOU ARE READING
Trapped In Love | JJK (Completed)
Fanfictionනොහිතපු විදියට හමුවෙන උඩඟු හිත් දෙකක්... ඒ හිත් දෙකටම ලියවුණු එකම කතාවක්...