Author's POV
අද හරිම ලස්සන දවසක්..
හිත ඉතිරෙන සතුටකුත් සතුට පිරුණු පුංචි දුකකුත් පිරුණු දවසක්..
හිතේ එක කෙළවරක් චූටි දුකකින් ඇදුම් කනකොට සතුටු කඳුළු පිරුණු ඇස් දෙකකින් යූජින් බලාගෙන හිටියෙ තමන්ගෙ දෙවෙනි අම්මා දිහා..
තමන්ගෙ එක් කුස නූපන් සහෝදරිය දිහා..
අද සෙමී හරිම ලස්සනයි..
වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි..
අද ජන්ග් සෙමී පාර්ක් සෙමී වුණා..
මිස්ටර් ජන්ග්ගෙ අතේ එල්ලිලා අද සෙමී හෝල් එක ඇතුළට ආව වෙලාවෙ ඉඳන් යූජින් සැරින් සැරේට ඇඬුවා.. වෙලාවකට සතුටට අඬනවා.. තවත් වෙලාවකට දුකට අඬනවා.. ජන්කුක් වුණත් මොකුත් නොකියා හිටියේ යූජින් මේ වෙලාවෙ ඉන්නෙ හැඟීම් ගොඩක් අස්සෙ අතරමං වෙලා කියලා දන්න නිසයි..
අන්තිමට කපල් එක පිටත් වෙන වෙලාව එනකොට යූජින්ටවත් සෙමීටවත් තමන්ව පාලනය කරගෙන ඉන්න පුළුවන් වුණේ නෑ..
දෙන්නා බදාගෙන අඬන්න ගත්තෙ වටේ පිටේ ඉන්න අයගේ ඇසුත් කඳුලින් තෙත් කරලා..
පුංචි කාලේ ඉස්කෝලෙදි දෙන්නා මුලින්ම කතා කරපු විදිය..
ඊටපස්සෙ දෙන්නට දෙන්නා නැතුව බැරිවුණ විදිය..
යූජින් ගෙදර ප්‍රශ්න එක්ක වැටෙන වෙලාවට සෙමී ළඟින්ම හිටපු විදිය..
දෙන්නත් එක්ක තමන්ගෙ ඔප්පලා දෙන්නත් එක්ක තැන් තැන්වල ගිය විදිය..
එයාලට ජේහුන්ව හම්බවුණ විදිය..
ජේවොන්ව හම්බුණු විදිය..
යූජින්ගෙ මුළු පවුලම එයාව තනි කරලා ගියාම සෙමී ජේහුන් සෙමීගෙ ඔප්පා එයාව බලාගත්ත විදිය..
එකපාරටම ජේවොන් එයාව දාලා ගියාම යූජින් පිස්සෙක් වුණ විදිය..
යූජින්ගෙ පිස්සු වැඩ ඉවසගෙන අම්මා කෙනෙක් වගේ සෙමී යූජින්ව බලාගත්ත විදිය..
අද වෙනකන් ඒ දෙන්නාගෙ ජීවිත වලට සිද්ධ දේවල් දෙන්නට චිත්‍රපටයක් වගේ එක පෙළට මැවිලා පෙනුනා...
YOU ARE READING
Trapped In Love | JJK (Completed)
Fanfictionනොහිතපු විදියට හමුවෙන උඩඟු හිත් දෙකක්... ඒ හිත් දෙකටම ලියවුණු එකම කතාවක්...