Author's POV
- "නම්ජූන් හ්යොන්ග් ඔය clip එකේ copy එකක් අරගෙන මගෙ කැබින් එකට එන්න"
එහෙම කියපු ජන්කුක් කිසි කෙනෙක් එක්ක වචනයක්වත් කතා නොකර කෙලින්ම ගියේ editing room එකට..
- "ජන්කුක්?? මොකද මේ?? තව ටිකකින් මේ වැඩේ ඉවරයි.. එතකන් ඉන්න පුළුවන් නේද?"
- "අඅඅඅ.. ඔයාට පොඩ්ඩක් එන්න පුළුවන්ද? පොඩි වැඩකට"
- "ඇයි ජන්කුක්?"
- "පොඩ්ඩක් එන්නකෝ.."
- "හරි මට විනාඩි පහක් දෙන්නකො"
- "මම කැබින් එකට යනවා.. ඔයා එන්න.."
- "හා.."
යූජින් ඉස්සරහා ජන්කුක් රඟපෑවා.. එයාට තාමත් එයා දැක්ක දේවල් පිළිගන්න බෑ.. තමන් පණ වගේ ආදරේ කරන කෙනා තමන්ට මෙහෙම දෙයක් කරා කියලා එයාගෙ හිත පිළිගන්න කැමති නෑ..
නම්ජූන් copy එක අරගෙන අනිත් දෙන්නත් එක්ක ආවම ජන්කුක් ඒක එයාගෙ laptop එකට දාගත්තා.. කව්රුත් වචනයක්වත් කතා කරේ නෑ..
විනාඩි හත අටකට පස්සෙ යූජින් ආවා.. ජන්කුක් හැසිරෙන විදිය ඉතුරු අයට ගෙනාවෙ ප්‍රශ්නාර්ථයක්..
ජන්කුක් යූජින්ට කතා කරා..
- "යූජියා.. මේ ඉන්නෙ කව්ද කියලා අඳුරගන්න පුළුවන්ද ඔයාට?"
ජන්කුක් යූජින්ගෙන් ඇහුවෙ කිසිම වෙනසක් නොපෙන්වා..
යූජින්ටත් කිසිම වෙනසක් තේරුණේ නෑ.. එයා බැලුවා screen එක දිහා..
එයා දැක්කා ගෑනු ළමයෙක්.. corridor එකක් දිගේ ඉස්සරහට ඇවිදගෙන යනවා.. එයා ඇඳන් ඉන්න ඇඳුම යූජින්ටත් තියනවා.. එයා ඇඳලා ඉන්නෙ යූජින්ගෙ style එකටමයි.. කොණ්ඩෙත් ඒ වගේමයි.. ඇවිදින්නෙත් යූජින්ගෙ විදියටමයි.. ඒ ඉන්නෙ තමන් කියලා අඳුරගන්න යූජින්ට ගියෙ තත්පර ගාණයි..
- "මේ ඉන්නෙ මමනෙ ජන්කුක්.."
SLAP!!!
නොහිතපු වෙලාවක එකපාරටම කම්මුල පුපුරලා යන තරම් සැරට වැදුණු කම්මුල් පාරට යූජින්ව පිටිපස්සට විසික් වෙලා ගිහින් බැලන්ස් නැතුව බිමට වැටුණෙ මේසෙ දාරෙ නළලෙ වැදිලා තුවාල වෙද්දි..
YOU ARE READING
Trapped In Love | JJK (Completed)
Fanfictionනොහිතපු විදියට හමුවෙන උඩඟු හිත් දෙකක්... ඒ හිත් දෙකටම ලියවුණු එකම කතාවක්...