Chapter 24

260 26 5
                                    


Incoming Call - .........................

- "යොබොසේයෝ"

- "දැන් ඉතුරු වැඩ ටික කරන්නෙ මමද???"

- "පොඩ්ඩක් ඉවසලා ඉන්න.. මම හැමදාම මෙහෙට වෙලා ඉන්නෑනෙ.. අනිත් එක මම එහෙ වැඩ සේරම වෙන විදියට සේරම ප්ලෑන් කරලා තියෙන්නෙ.. මම නැතිවුණා කියලා මුකුත් වෙන්නෑ"

- "ඒවා මට අදාළ නෑ.. කොහොමහරි මට මගේ වැඩේ වෙන්න ඕනෙ.."

- "බයවෙන්න එපා.. ඒවා ගාණ⁣ට වෙලාවට තිතට ඔයාගෙ අතට ලැබෙයි.."









































.
.
.
.
.
.
.
.
.
.





































දැනට යූජින් ගිහිල්ලා මාස එකහමාරකට කිට්ටුයි.. කොහෙ ඉන්නවද මොනවා කරනවද කියලා කව්රුත් දන්නෑ..

ජන්කුක්ට එයා කරපු දේවල් වල බරපතලකම තේරුණේ යූජින් ගියාට පස්සෙ.. කිසි කෙනෙක්ට නොකියා එකපාරටම යූජින් අතුරුදහන් උනාම ජන්කුක්ට එයාගෙ ජීවිතේ ලොකූ හිස් ගතියක් දැණුනා..

යූජින් කියපු දේ අහලා ජන්කුක් නිකමට වගේ අර කෙල්ලව හොයන්න පටන් ගත්තා.. ඒත් ජන්කුක්ගෙ දරදඬු මොළේ කොනක තාමත් යූජින් ගැන සැකය තිබ්බා..

කොච්චර හෙව්වත් කිසිම තොරතුරක් නොලැබෙනකොට සිද්ධ උන එකම දේ ජන්කුක්ගෙ හිතේ යූජින් ගැන තියන සැ⁣කය ආයෙ ආයෙත් අලුත් වෙන එක විතරයි..

ඒත් ඒ හැමදේම යට කරගෙන තත්පරෙන් තත්පරේ යූජින් නැති පාළුව ජන්කුක්ගෙ හිත පුරවනකොට ජන්කුක් බේබද්දෙක් උනා...


ඒ අතරේ 'Left Alive' හිතුවාටත් වඩා ජනප්‍රිය උනා.. ඒක හැම තැනකම කතා වුණ ප්‍රධාන මාතෘකාවක් උනා..

Youtube channel වලින්, TV channel වලින්, Magazine වලින් එකදිගට යූජින්ව interview වලට හෙව්වා..

Trapped In Love | JJK (Completed)Where stories live. Discover now