One month later
එදා වෙඩින් එකෙන් පස්සෙ ගොඩක් වෙලාවට ටේහ්යුන් හිටියෙ ජියෝන් මැන්ශන් එකේ තනියම....ජන්කුක් මැන්ශන් එකට දවල් වෙලාවලට නොආව තරම්.... ටේහ්යුන්ට නොතේරුණා නෙවෙයි ජන්කුක් තමන්ව මඟාරිනවා කියලා....ඒත් ටේහ්යුන් කලබල වෙන්න ගියේ නැහැ....
ඉක්මනින් කරන දේවල් අසාර්ථක වෙන්න අවස්ථා වැඩියි කියලා තමන්ගෙ හිත හදන ගමන් ටේහ්යුන් තමන්ගෙ අරමුණ වෙනුවෙන් ඉවසුවා... නම්ජුන්, ජින් දෙන්නා වුණත් මැන්ශන් එකට ආවා ගියාට ඉස්සර වාගෙ නතර වෙලා හිටියෙ නෑ.... ජන්කුක්ට ටේහ්යුන් එක්ක ඉන්න දෙන්න ඕන නිසා හැමෝම ටිකක් ඈත් වුණත් බැඳීම් වල පුංචිම අඩුවක්වත් වුණේ නෑ....ජන්කුක් ටේහ්යුන් දෙන්නගෙ ප්රශ්න ඒ දෙන්නා අතරට විතරක් සීමා වෙද්දි හ්යුන්ලා හැමෝම සතුටු වුණා ඒ දෙන්නා සතුටින් ඉන්න එක ගැන....ඇත්තට ම වෙලාවකට ජන්කුක් කරන්නෙ රඟපෑමක් විතරමද කියලා ටේහ්යුන් පවා පුදුම වුණා....
ගාර්ඩ්න් එකේ ඉන්දලා තියෙන ටියුලිප් පැල සේරටම වතුර දාලා වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන ආව ටේහ්යුන් හිටියෙ කෝපි එකක් හදන ගමන්.... තමන්ගෙ ඉණ වටේ එතුණ අත් දෙකක් නිසා ටේහ්යුන් ගැස්සුණත් කන ළඟ ම ඇහුණ රළු කටහඬ නිසා ටේහ්යුන් දඟලන්නෙ නැතුව හිටියා...."අද ජිමින් හ්යුන් එනවා කියලා ඔයා දැනගෙන හිටියද ඩෝලී?"
"අ-අනී....කූ ඔයා දැන් ද ආවෙ?"
ටේහ්යුන් වෙව්ලන අතින් තමන්ගෙ කෝප්පෙ තද කරලා අල්ලගෙන ඇහුවෙ ජන්කුක් එයාගෙ බෙල්ල පිටිපස්සෙන් හාදු තියන එක ගනන් නොගෙන ඉන්න උත්සාහ කරන ගමන්....ටේහ්යුන්ට බෑ ඒවා ගැන හිතන්න...එයා මෙතන ඉන්නෙ එයාගෙ අරමුණ නිසා විතරයි....ටේහ්යුන්ට තමන්ගෙ හැඟීම් ගැන හිතන්න වෙන්නෙ ඊට පස්සේ....
"ටේ බෙය්-ඔහ්! චෙසොහොම්මිනිදා..."
ටේහ්යුන්ව හොයාගෙන කිචන් එකට ආව ජිමින් ඒ දෙන්නා ඉන්න විදිය දැකලා ආයෙමත් හැරිලා යන්න හැදුවත් ජන්කුක් ජිමින්ව නතර කර ගත්තා...."ඔහොම ඉන්න හ්යුන්.... ඔයා දැන් ද ආවෙ?"
"ආආ ඔව් ජන්කුක්....ඔයා අද රෑ වෙනවා කිව්ව නිසා මම බෙයා ව බලලා යන්න ආවෙ.....යුංගි හ්යුන් මං එනකල් බලන් ඉන්නවා කිව්වා හතෙන් පස්සෙ.... මං එතකල් බෙයා ව බලලා යන්න ආවෙ...."
![](https://img.wattpad.com/cover/338090288-288-k62618.jpg)
YOU ARE READING
The Misplaced Teddy || TK
FanfictionFrom the day you disappeared from my life....I lost myself my love