"ම්හ්...හ්ම්හ්..."
හොඳටම එළි වෙලා තිබුණ කාමරේ ඇතුලෙ කොට්ට දෙක තුනක් ම බදාගෙන සැපට නිදියගෙන හිටිය ටේහ්යුන් හීනෙන් ම කෙඳිරි ගෑවේ ඔලුව අතගාද්දි දැනෙන සනීපෙට...එහෙම්ම ම උණුහුම දැනුණ පැත්තට ගුළි වෙලා තව ටිකක් නිදියන්න හැදුවත් තමන් ළඟින් ම ආව සුවඳට ටේහ්යුන්ගෙ අළු පාටට හුරු කළු ඇස් එක්වරම විවර වුණා...තමන්ගෙ හිසකෙස් අතරෙ රැඳිලා තිබුණ ඇඟිලි වලින් පටන් ගෙන අත දිගේ උරහිස් ,පිරුණු කම්මුල්,පිම්බුණු තොල් වටේ තමන්ගෙ ඇඟිලි අරන් ගිය ටේහ්යුන් ලොකූ හුස්මක් ඇදලා අරගෙන තමන් ළඟ ම ඇඳේ වාඩිවෙලා ඉන්න තැනැත්තාගෙ පපුවට තුරුල් වුණා..."ඒන්ජල්! ඔයා මොන වෙලාවෙද ආවෙ?"
ටේහ්යුන් සිනිදුවට අතට දැනෙන කමිසය මතින් ම ඒන්ජල්ගෙ පපුවෙ ඇඟිල්ලෙන් බෝල අඳින ගමන් කතා කරද්දී ජිමින්ට හිනා ගියා...
"වචනයක්වත් කතා කරන්න කලින්ම කොහොමද මගෙ වීනස් මාව අඳුරගත්තේ?"
ජිමින් ටේහ්යුන්ගෙ සුදට හුරු ලා දුඹුරු පාට සිනිදු හිසකෙස් මතින් හාදුවක් තියන ගමන් අහද්දී ටේහ්යුන් හිනා වුණා...
"මට ඔයාගෙ සුවඳත් හුරුයි ඒන්ජල්..."
"ම්ම්....මං ඇවිල්ලා නම් දැන් පැයක් දෙකක් වෙනවා වීනස්... කොහොමද ඉතින් මගෙ මලට?"
ජිමින් ටේහ්යුන්ව උරහිස් වටෙන් අත දාලා පපුවට තුරුල් කරගෙන ටේහ්යුන්ගෙ සිනිඳු කොණ්ඩෙ උඩින් නිකට තියාගෙන කතා කළේ ටේහ්යුන් ජිමින්ගෙ ඉන වටෙන් අත් දෙක දාලා කෝලා කෙනෙක් වගේ ජිමින්ට තුරුල් වෙද්දී.....
"ම්ම්..... මං පාලුවෙන් හිටියෙ ඒන්ජල්....දැන් ඔයා ආවනේ....ඉතින් ඔයාගෙ වීනස් කවදාටත් වැඩිය හොඳින් ඉන්නවා...ඔයා නෑවද ඒන්ජල්....මේ පාන්දර ම?"
ටේහ්යුන් පපුවෙන් ඔලුව උස්සලා ජිමින්ගෙ මූණ දිහාවට හැරිලා අහද්දි ජිමින්ට හිනා ගියා....
"පාන්දර? දැන් නවයත් පහු වෙලා වෙලාව.... කම්මැලි කොල්ලා..."
ජිමින් කියද්දී ටේහ්යුන් කලබලෙන් ඇඳෙන් බැස්සා....ඒ බහිද්දී ම ඇඳ ළඟ වාඩිවෙලා හිටිය රෙක්සාඇවිත් ටේහ්යුන්ගෙ කකුල් දෙක ලෙවකෑවෙ හැමදාම වගේ සුබ උදෑසනක් කියන්න....රෙක්සා සුබ උදෑසනක් කියන්නෙ එහෙමයි.....
![](https://img.wattpad.com/cover/338090288-288-k62618.jpg)
YOU ARE READING
The Misplaced Teddy || TK
FanfictionFrom the day you disappeared from my life....I lost myself my love