ජිමින් අහමඩ් එක්ක ආව ඩිෆෙන්ඩර් එකත් ඒ පසුපස ආව අනෙක් ජිමින්ගෙ ආරක්ෂකයින්වත් වට කරගෙන නතර කරපු වාහන වලින් DK ගෙ කොල්ලො පනහක් විතර එළියට බහිද්දී කොල්ලො එක්ක ම ජිමිනුත් ගන් එක ලෝඩ් කරගෙන වාහනෙන් බැස්සා....
තුවක්කු භාවිතා නොවුණත් සටන ටික ටික දරුණු වෙද්දි මෙතන තමන්ට පාලනය කර ගන්න බෑ කියලා අහමඩ් ට තේරුම් ගන්න ගියේ සුළු වෙලාවයි....
"ජිමින් බොස්.....මෙතනින් යන්න.... බොඩිගාඩ්ස්ලට මුන් එක්ක හැප්පෙන්න අමාරුයි.....මම හිතන්නෑ මෙතන අපෙ කවුරුත් ඉත්රි වෙයි කියලා....බොස් ටේහ්යුන් සර්ව බලන්න....අපි පුළුවන් තරම් මෙතන පරක්කු කරන්න බලන්නම්...."
අහමඩ් ජිමින්ගෙ උරහිසට අත තියලා කියද්දී ජිමින් බය වෙලා අහමඩ් දිහා බැලුවා...."එතකොට උඹ? උඹ ගැන මොකද?"
ජිමින් අහද්දි අහමඩ් හිනාවුණා...."මේවා දැනගෙනයි තෝරගත්තෙ ජිමිනා....උඹ හොඳ යාළුවෙක්.... සතුටුයි උඹ එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන.... පරිස්සමින් පලයන්...."
ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා ජිමින්ව තමන්ගෙන් ඈතට තල්ලු කරලා අහමඩ් ආයෙමත් කොල්ලො ඉන්න පැත්තට හැරුණේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා ජිමින් ටේහ්යුන් ඉන්නවා කිව්ව පාළු ගොඩනැඟිල්ල පැත්තට දිව්වා....
.
.
.
.ජිමින්ට දුවලා ම මහන්සි වුණත් ජිමින් දොර ළඟ ඉඳලා තමන්ව නතර කරන්න උත්සාහ කරපු ආරක්ෂකයින් දෙදෙනාටත් අත මිට මොළවලා පහර දීලා දොර තල්ලු කරගෙන ඇතුළට ගියේ ගොඩක් කලබලෙන්.....
පඩිපෙළ පාමුලට පුටුවක ගැට ගහලා සිහිනැති ව ඉන්න ටේහ්යුන් ව දැක්කා ම ජිමින්ගෙ අත් දෙක මිටමෙළවුණා...
"ඔහ්....World Famous Solo Idol Park Jimin ට කේන්ති ගිහින් නේ....මම හිතුවෙ ඔයාගෙ පරණ පෙම්වතා විදවනවා බලන්න ඔයා කැමති වෙයි කියලා ජිමින්ශී....ඒත් එහෙම නෑ වගේ..."
ජේයුන් ඉහළ මාලයෙ සඳළුතලයේ වැටට වැලමිටි දෙක තියාගෙන පහළට එබිලා අත්ල දෙක එකට අතුල්ලන ගමන් කට කොනින් හිනාවෙවී කිව්වා ම ජිමින් උඩ බැලුවා...
ජේයුන්ට තිබුණෙත් ටේහ්යුන්ට තරමකට සමාන හැඩරුවක්... ටේහ්යුන්ගෙ මෘදු,සියුමැලි ලස්සන වෙනුවට ජේයුන්ට තිබුණෙ රළු,හැඩිදැඩි කඩවසම් බවක්.... ටේහ්යුන්ගෙ ඇස්වල ලියවිලා තියෙන ආදරය, කරුණාව,අහිංසකකම වෙනුවට ජේයුන්ගෙ ඇස්වල තිබුණෙ කෑදරකම, ආත්මාර්ථකාමී කම, වියරුවැටුණ තණ්හාවක් වගේ දේවල් විතරමයි....
![](https://img.wattpad.com/cover/338090288-288-k62618.jpg)
YOU ARE READING
The Misplaced Teddy || TK
FanfictionFrom the day you disappeared from my life....I lost myself my love