05 කොටස
අහස්ට දැනෙන දේ මොකක්ද කියලා අහස් දන්නෙත් නැ කියලායි මට හිතුනේ. මට අහස්ව අවුස්සන්න හිතුන නිසා මම අහස් එක්ක කියෝගත්තාත් මට වගේ ක්ෂණික වෙනස් වෙන්න අහස්ට බැරි උනා. ආවේගෙන්ම හැමදේම කරන්න අහස් පුරුදු වෙලා හිටියා.
"ගඟන"
අහස් මගේ නම කිව්වේ කනට ගහනවා වගේ සැරෙන්. මේ ඇඟ ඇතුලේ එච්චර ආවේගයක් තියෙවි කියලා මම හිතුවේ නැ. මම මේ වෙලාවේ අඩියක් පස්සට තිබ්බේ නැත්තන් දිගටම අහස් මෙහෙම ඉදි. ඒ හැටි. යනවා කියලා දමලා යන්න හදද්දි මං නවත්තගත්තෙත් ඒ නිසා. මගේ හිතේ තියෙන හැමදේම කතා කරන්න මට ඕන උනා. ඒ නිසයි මම අහස් එක්ක කතාකරේ.
"හවස ඇයි මට අරම කිව්වේ "
අහස් හිතුවේ නැ මම ඒක අහයි කියලා. ඒ මුණ හරි ලස්සනට කියවන්න පුලුවන්. මං මට හිතෙන හැමදේම අහස් එක්ක ඔහේ කියවන් ගියා. අහස් මං ගැන මොනා හිතුවත් කමක් නැ කියලා හිතලා.
"මම දන්නේ නැ අහස් මට මේ දැනෙන දේ මොකක්ද කියලා. මම පිරිමින්ට ආකර්ශනය වෙන එකෙක්ද? නැද්ද? කියලාවත්, මම ගේද? බයිද? ස්ට්‍රෙට් ද? කියලාවත් මම දන්නේ නැ. ඒත් මට නොතේරෙන දෙයක් මෙතන තියෙනවා. ඒක මොකක්ද කියලා මට තේරුන් ගන්න ටිකක් හරි කාලයක් යයි. ඒත් මම ඔයාව විහිලුවට ආතල් එකට අරන් නැ. සෙල්ලන් කරන්නේ නැ ඔයා එක්ක."
"ම්ම්ම්"
"ඔයා ඔහොම තරහා ගන්නේ ඇයි කියන එක මට නොතේරෙනවා නෙවේ. ඔයාට වගේම තමා මටත් අගක් මුලක් නැතුව කතාවක් අතරමඟ දැම්මා ම. අපිට බැරිද හොදින් ඉන්න. මම කැමති ඔයා එක්ක කතා කරන්න. මේ දැනෙන සුවඳට පවා.."
ඇත්තටම මම අහස්ගේ සුවඳට ආසයි. මට ඒක මුලින්ම දැනුනේ ලිෆ්ට් එකේදි. ඒක එච්චර නෝට් නොකරත් රූම් එකේ, කාර් එකේ ඉද්දි ඒ සුවඳ මට හොදටම දැනුනා. මේ ඇදන් ඉන්න ටී එකේ පවා. මට එවෙලේ හිතට ආවේ එක දෙයයි. අහස්ව ඉබලා සුවඳ බලන්න. අහස් මාව විකෘතිකයෙක් කියලා හිතුවත් කමක් නැ කියලා හිතලා මම අහස්ගේ බෙල්ල මුල නහය තද කරලා ලොකු හුස්මක් ඇදලා ගත්තා. ඇත්ත.. අහස් සුවඳයි... අහස්ගේ ඇස් දෙක ටීක් බෝල වගේ උනා. මට හිනා යන්න ආවාත් මම හිනාව තද කරගත්තේ ඒකයි.
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...