13 කොටස
"අහසයා.. මේ දොර ඇරපන් "
"ඇරලා තියෙන්නේ බං වරෙන්"
"මචං මම සිරියස් අහන්නේ.. උඹ මොකක්ද මේ කරන්න හදන්නේ"
"මම දන්නේ නැ බං"
"මොන රෙද්දේ කතාවක්ද බං ඒ."
"මම උඹෙන් ප්රශ්නයක් අහන්නන්.උඹ කැමති කෙනෙක්ගේ එයා වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් කතා කරලා උඹට එයාගෙන් ඈත් වෙලා ඉන්නවා කිව්වොත් උඹ කරන්නේ මොකක්ද?"
"ඇහ්..! මොකක්ද බං ඒ කියුවේ. ? තේරෙන්න කියහන් වට වන්දනාවේ යන්නැතුව"
"මුකුත් නැ"
"උඹ කතා කරාද ගඟනට.."
"ම්ම්.."
"මොකද උනේ"
"මා එක්ක තරහින් ඉන්නේ ගහන්න වගේ උඹ බං බොලන් කියලා කතා කලේ.. හෙන නුහුරුයි බං ඒක.."
"ඌත් මනුස්සයෙක් අහස්.. උඹ සැරෙන් සැරේට කටුස්සා වගේ ෆීලින්ග් වෙනස් කරද්දි ඌ එහෙම ප්රෙශර් වෙන එක නෝර්මල්. අනික උඹ දැක්කේ නැ ඌ අඬපු විදිහ උන්ගේ අප්පච්චි එක්ක කිය කිය. මටම පව් කියලා හිතුනා. ඌට තිබ්බේ එකම බයයි. ඒ උඹ ඌව මේ විදිහට අයින්කරලා දායි කියලා. ඒක හරියටම තිතතට උඹ කලා."
"අප්පච්චි එක්ක??"
"ඔව්.. ඌට අප්පච්චි කෝල් කරා. මමත් ඇහුවා කේස්ද කියලා. අප්පච්චි ශේප් කිව්වා. කතා කර කර ඉද්දි මු අඬන්න ගත්තා."
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...