08 කොටස
පිස්සෙක් වගේ කාර් එක ඩ්‍රයිව් කරන් ඇවිත් සුපර්මාකට් එකට ගියා මම මුලින්ම හම්බෙන. මෙතනින් එහාට වෙන්නේ මොකක්ද කරන්න තියෙන්නේ මොනවද කියන එක ගැන ම හිතන්න ගියේ නැ. මට ඕක උනේ තනියෙන් ඉන්න. මට මේ දැනෙන වරදකාරි ගතියෙන් අයින් වෙන්න.
"ගුඩ් මෝර්නින් සර්! මොනවද ඕන??"
"ස්ට්‍රෝන්ග් කැන් තුනයි ඩන්හිල් පැක් එකයි"
"විනාඩියක් දෙන්න සර්"
මම සුපර් මාකට් එකේ ඉන්න ටිකටත් තේමියයි, ගඟනයි මාරුවෙන් මාරුවට මට කෝල් ගන්නවා. මම ෆෝන් එක සයිලන්ට් දැම්මේ මට ඒකත් මේ වෙලාවේ කරදරයක් නිසා. මට මතක් උනේ ගඟනව. මම ගැහුවේ ඇයි? මට ගහන්නේ නැතුව කතා කරලා ඒක විසඳගන්න තිබ්බා. මගේ ඔළුව තනිකරම යකාගේ කම්මල වගේ. මට දෙතුන් පාරක් කතා කරලාත් ඇහුනේ නැ මම හිටියේ කල්පනාවේ.
"සර්.. සර්ගේ ඕඩර් එක"
"ආහ් සොරි.."
"කාඩ්ද? කැශ්ද ? සර්"
"කාඩ්.. ආ"
"තැන්කිව් සර්.. "
"තැන්කිව්"
මම යන්න හදද්දි ආයෙම ඒ ළමයා මට කතා කරා.
"සර්!!!"
"ආහ්.."
"සර්.. අහස් නිර්වාණ නේද??"
"ම්ම් ඔව්.."
"මං සර්ගේ පොත් ඔක්කෝම වගේ කියවලා තියෙනවා. සර්ගේ ඔන්ලයින් දාන කතා පවා. මං සර්ගේ ලොකු ෆෑන් කෙනෙක්. සර් මට ඔටෝග්‍රාෆ් එකක් දෙන්න පුලුවන් ද??"
පලයන් බං කියලා යන්න සියදහස් වාරයක් හිතුනත් මගේ ප්‍රශ්න මුංට අදාල නැ. ඒ නිසා ඌ දිග් කරගෙන හිටි පොත අරන් සයින් එකක් දාලා දුන්නා. මුට තව සෙල්ෆි එකකුත් ගන්න ඕන උනා. ඒකටත් විරිත්තන් ඉදලා මම කාර් එකට ගිහින් එහෙම්මම බිච් එක පැත්තට ඩ්‍රයිව් කරා.
බිච් එකේ බෙන්ච් එකක වාඩි වෙලා මම ෆෝන් එක අරන් බැලුවේ තේමිය වෙලාව දාලා තියෙද බලන්න. එතකොට ම මට ආයෙම ගඟන කෝල් කරනවා. මම ෆෝන් එක දිහා බලාගෙන හිටියේ මට ඇත්තටම ගඟන ගැන තේරුන් ගන්න බැරි විදිහෙ හැඟිමක් දැන් දැනෙන නිසා. බියර් කැන් එකක් කඩන් එක හුස්ම ට ඉවර කරද්දි මට තේමිය මැසේජ් එකක් දාලා තිබ්බා ලෝන්ච් එක ගැන. මට ගඟනට කතා කරන්න දෙතුන් පාරක් ම හිතුනත් මම නිසා ගඟන විඳවනවා. ඒක ගඟනට හොදක් නෙවේ.
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...