20 කොටස
අහස් මම දැන් මාස තුන හතරක ඉදන් හොරා පොලිස් සෙල්ලමක් කරන්නේ. කිසිම වෙලාවක අපි දෙන්නා ප්රසිද්ධියේ හම්බුනේම නැති තරන්. මගේ විකාරයක් නිසා හම්බුනත් අපි වටේටම අපේ සෙට් එකයි තේමිය අයියයි හිටියා. අපිට තිබ්බ එකම නිදහසට කාරණාව තේමිය අයියා රහල්ගේ අයියා වෙච්ච එක.
මාස ගානක ඉදන් ප්ලැන් කරලා කරලා අපි නුවර යන්න දාගත්තේ අහස් පුන පුනා බැ කියද්දි. අහස් තාත්තාට මේ සා විසල් බයක් තියෙන්නේ ඇයි කියන්න තාමත් මට තේරෙන්නැ. සමහර වෙලාවල් වලට මම අහස් එක්ක වලි දාගන්නවා මේ තාත්තාට තියෙන බය ගැන කියලාම. ගොඩක් වෙලාවට අහස් සද්ද නොකර හිටියත් තරහාම ගිය වෙලාවට අහසුත් කියවනවා.
"මෙන්න උඹට කෝල් එකක් ගඟනයා.."
"කවුද බලහන්කෝ මම මේ මල්ල සකසනවා.."
"පාර්වති නම්බියාර්.."
රහලයායයි මමයි අනුපයයි තුන්දෙනාම රවියා දිහා බැලුවේ ඌ කිව්වා හරුපේ මොකක්ද කියලා බලන්න..
"කවුරු???"
"පාර්වති නම්බියාර්...බං"
"ඔන්න ඕක මෙහාට දිපන් පාර්වති කවුද බලන්න "
ෆෝන් එක අතට ගද්දිම නැවතුනා. ඒ එක්කම ආයෙම කෝල් එක ආවත් මටත් කලින් මහ හයියෙන් හිනාවෙන්න ගත්තේ අනුපයා...
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...