10 කොටස
මම හිටියේ නින්දත් නොනින්දත් අතර .යාන්තමට තේමිය කතා කරනවා ඇහිලා මම ඇහැරුනේ.
"අහසා... දොර ගාවින් නැගිටපන් දොර අරින්න බැ.."
ගඟනව එලියට දාලා දොර වහලා එතන ඉද්දි මට එහෙම්මම නින්ද ගිහින්. මම නැගිටලා බාත්රුම් එකට යන්න හැරුනේ.
"අහස්"
"ම්.."
"තේකක් හදන්නද??"
"අද ලියන්න බැ බං වොශ්රූම් ගිහින් ඇවිත් මම නිදාගන්නවා"
"කාලා නැනේ තේකක් බිලා නිදාගනින්. මං හදන්නන්"
"හරි.."
මට සැහෙන කාලෙකට පස්සේ ලොකු තනිකමක් දැනුනා. වොශ් එකක් දාන් මම එද්දි තේමිය මටත් එක්ක තේ හදලා. අපි දෙන්නාම එකම තැන ඉදන් තේ බිව්වත් මුකුත් කතා කලේ නැ. ටිකකින් තේමියම කතා කලා.
"අහසා.. මොකද උනේ??"
"වැඩක් නැ බං ඒක මට කරන්න බැ"
"හේතුව??"
"ගඟනට මං තරන් සංකිර්ණ මිනිහෙක් හරි යන්නේ නැ. අන්තිමට හැමදාම වෙන දේ වෙන්නෙ බං"
"අහස් අහස් මොකක්ද බං.. එකම තැන කැරකෙන්න එපා මචං. ටිකක් ගඟනයා ගැන හිතපන්"
"නැ වැඩක් නැ කතා කරන්න එපා ඔය ගැන බං. තේමිය ඒක නෙවේ.."
"ම්ම්.. "
"අද උඹට මෙහෙ ඉන්න බැරිද??"
"මොකද සින් එක"
"මුකුත් නැ නිකං"
"අහසයා..."
"මට මාර තනිකමක් දැනෙනවා බං"
"හරි ඕවා මුකුත් හිතන්න එපා යමන් නිදාගනින්. මම වැඩ වගයක් තියෙනවා කරලා එන්නන්"
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...