11 කොටස
සෙට් එක එක්ක එලියට බැස්සේ ලෙක්චර්ස් වලට යන්න. හතර දෙනා එක්ක කියව කියව යද්දි ඈත තියාම ඉසංකා එනවා.
"අන්න උඹේ හොර කැල්ල එනවා"
"කටවහන් හිටපන් යකෝ.."
"ගුඩ් මෝර්නින් ඉසු"
ඉසංකා ආව ගමන් කරේ මගේ අතකින් ඇදන් පැත්තට ගිය එක. ඒ පස්සේ අරුන් තුන්දෙනාත් ආවා.
"ගඟන..!!"
"අම්මෝ ඒ ටෝන් එක!!"
"කටවහන් හිටපන් අනුපයා. ඉසු මොකක් හරි අවුලක් ද?? ඇයි මේ ??"
"උදේ ඉදන් තමුසේලා හතර දෙනාගෙන් එකෙක් ෆෝන් එක බැලුවේ නැද්ද?"
"නැ ඇයි?? "
"මේ.."
අපි හතර දෙනාම එබුනේ ඉසංකා දික් කල ෆෝන් එකට. මල වුත්තයි. අපි දෙන්නා ගැන ආර්ටිකල් පෝස්ට්. බලා ඉද්දි අනිත් උන්ගෙ කටවල් ඇරුනත් මගේ ඔළුව නිකං ගිනිගත්තා වගේ මට දැනුනේ. අහස් මොන මගුලක් කරගනිද??
"ඔයාට කොහෙන්ද මේවා"
"කැම්පස් එකේ පේජ් එකේ තිබ්බෙි. ගඟන මේවා බොරු නේද?? මේම මුකුත් නැ නේද??"
ඉසංකා මගේ ටි එකේ අතින් ඇද ඇද කතා කරද්දි මම පියවි සිහියට ආවේ.
"ඇ...අහ්.."
"මොන ලෝකෙද ඉන්නේ ගඟන. මේවා බොරු නේද??"
"නැ "
"නැ කියන්නේ "
"බොරු නෙවේ"
"විහිලු කරන වෙලාවක් නෙවේ ගඟන මේ. මම සිරියස් කතා කරන්නේ. බලන්න මෙතනින් යන හැම එකාම ඔයා දිහා බලන විදිහ. එහෙම එකක් නැ කියන්න. ගඟන ඒවා බොරු කියන්න."
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...