07 කොටස
මට නින්දක් අහලකටවත් ආවේ නැ. මම පැයකට දෙකකට වඩා කලේ ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටි එක. කොයි වෙලේ නින්ද ගියාද දන්නේ නැ ඒත් ආයෙම උදෙන්ම මට ඇහැරුනා. සෙට් එකම යන්න කතා කරගත්තේ තේමිය අයියා හම්බෙන්න. අපි හතර දෙනා තේමිය අයියා ගාවට යද්දි අට වෙලාත් නැ.
"මොකද චුටි මේ "
"නිකං ලොකු.. දන්නේ නැද්ද හිට්ලර් බලන්න අමාරුව තියෙන කෙනෙක් ඉන්නවා නේ"
"පල පල තෝ.. "
"ඇයි බොරුද ගඟනයා.. උදේන්ම යන්න ඕන කියලා උඹ කිව්වේ නැද්ද??"
"හරි හරි බං කිව්වා "
අපේ කතාව අස්සේ අයියා මම දිහා බලන් හිටියේ හෙන සිරියස් විදිහට..මම බලද්දි අයියා අපිට වාඩිවෙන්න කියලා ඇතුලට ගියා. මමත් තේමිය අයියා පස්සේ ගියේ ඒ බැල්මවත් ඒ මුණවත් මට සෙට් උනේ නැති නිසා. අයියා කිචන් එකේ හිටර් ජග් එක ළඟ අපිට ටි හදන්න හදනවා මම යද්දි.
"අයියේ??"
"ම්ම්.. ආ ගඟන ඇයි?"
"අයියා මට නොනියන මොනා හරි තියෙනවාද??"
"මොනා ගැනද?"
"අහස් ගැන.."
තේමිය අයියා හයියෙන් හිනා උනා..
"ඇයි??"
"නැ බං උඹට මම අයියා වෙලා අහස් නිකම්ම අහස් වෙන්නේ කෝමද බං??"
"ආ... ඒක.. ඒක ඉතිං අනේ මංදා..මට අහස්ට අයියා කියවෙන්නේ නැ"
"හා..හා.."
"මම අහපු දේට අයියාගේ උත්තරේ මොකක්ද??"
"මම නොකියන ගොඩක් දේවල් තියෙනවා අහස් ගැන"
"මට කියන්න "
"මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. අහස් කියන්නේ හැඟිම් ගොඩක් හිර කරන් ඉන්න මනුස්සයෙක්. ඒ මනුස්සයා ව සෙල්ලමකට ගන්න එපා. අහස් නෙවේ එතකොට උඹ ගැන බලාගන්නේ මම"
මට තේමිය අයියා කියන දේ නොතේරෙනවා නෙවේ ඒත් මට අහස් ගැන දැන ගන්න ඕන උනා තව.
"මම අහස්ට ආදරෙයි කිව්වොත් අයියා මාව විස්වාස කරනවාද??"
තේමිය අයියා මගේ දිහා බැලුවේ බෙල්ල කරකවලා..
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...