Angry Writer 24

110 7 0
                                    

24 කොටස

මට හිතෙන්නෙ එක දෙයයි තියෙන්නේ අහස් මගෙන් ගැලවිලා ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට හිතෙන්නෙ එක දෙයයි තියෙන්නේ අහස් මගෙන් ගැලවිලා ඉවරයි. මට පාන්දර ඇහැරෙද්දි අහස් මගේ ළඟ හිටියේ නැ. මට හිතන්න ලොකුවට දෙයක් ඕන නැ. අහස්ට මහ පාන්දර එක තැනක් ඇරෙන්න යන්න වෙන තැන් නැ. මම කෝල් දහයක් විතර ගන්න ඇති. පලවෙනි ටික ආන්සර් නොවෙද්දි, අන්තිම කෝල් දෙක නම්බර් බිසි කරද්දි මම හිතන දේ හරි කියලා මට හිතුනා. ඊට විනාඩි දෙක කුනක් ඇතුලත නිම්සරගෙන් මගේ වට්ස්අප් එක පිරිලා ගියා. මට බලන්න ඕනකමක් තිබුනේ නැ. ඒත් මට ඕන උනා බලන්න නිම්සර එව්වේ මොන ෆෝටෝද කියලා බලන්න. බලලා තව තව මටම රිද්දගන්න මට ඕන උනා. මගේ මොලේ කියද්දි ඇති දැන් ඕක අත්තැරලා ඉස්සරහට පලයන් කියලා මගේ හිත කිව්වේම අහස් ටිකක් හරි උඹේ පැත්තේ ඇති. පොඩි හරි චාන්ස් එකක් බලහන්. නිකමට බලපන් කියලා. ඉතිං මරණිය වේදනාවක් දැනෙන සරාගි ජයාරුප කට්ටලයක් මට ලශාන් එවලා තිබ්බා. පොඩි විඩියෝ ක්ලිප් එකකුත් එක්ක. අහස් හෙන හුරතලේට ලශාන්ව තුරුල් කරන් හිටියා. මම ඉන්න ඕන තැන ලශාන් හිට්යා. මම කරන්න ඕන දේවල් ලශාන් කරලා තිබ්බා. ලශාන් මට උඹ පරාදයි කියන්න එයාලාගේ ආදරේ ඩේටා කපන් මට එවලා තිබ්බා.

මගේ ඇස් දනවා. මගේ පපුව ඇතුලෙන් රිදෙනවා. මට හිනායනවා මා ගැනම. ඒ එක්කම මට දුක හිතෙනවා මම ගැනම. මම ෆෝන් එක විසික් කරා. තේමිය අනුප ඉන්න නිසා මට අඬන්න බැ. මම සද්ද නොකර එලියට බැස්සා. බෙන්ච් එකේ එරමිනිය ගොතන් මහ පාන්දර කට්ට සිතලේ තනියෙම මම ඇඬුවා. මාව රවට්ටපු ආදරේ නිසා මම ඇඬුවා. පලවෙනි පාරටම දැනිච්ච ආදරේ නිසා මම ඇඬුවා. මැරුනත් විස්වාස කල මනුස්සයෙක් නිසා මම ඇඬුවා. මම ආයෙම කාමරේට දිව්වා. දඟලලා විසික් කල ෆෝන් එක අහුලන් ආයෙම බෙන්ච් එකට ආවා. ආයෙම මම මටම රිද්දගන්න ලශාන් මට එව්ව ෆොටෝස් එකින් එක බැලුවා. මගේ මේ තත්වේ මටවත් තේරුනේ නැ. මම හිට්යේ මේ දැන් මේ මොහොතේ ලශාන්වත් මරලා අහස්වත් මරලා මටත් මැරෙන්න ඕන වගේ හැඟිමක. ඒ එක්කම මට මම විතරක්ම මැරිලා ගියානන් හොදයි මෙතනට තුන්වෙනි රෝදේ උනේ මම කියලා හිතුනා.

Angry Writer..Where stories live. Discover now