CINDERELLA_AND_ME_18

19 7 0
                                    

හැම ඇත්තක්ම දැනගෙන දැනට සති දෙකයි. මරියා ඊට පහුවදා ගියේ අපේ ආච්චි එක්ක නවතින්න. අද මගේ උපන්දිනේ! උදෙන්ම මරියා මට විශ් කරලා ලියුමක් එවලා තිබ්බා. මොකද එහෙට සිග්නල් බිදක්වත් නෑ නේ. ඊටපස්සේ පාන්දර හතරට විතර සස්සා හීනෙන් නැගිටලා ද මන්දා මට විශ් කලා. ත්‍රිශ්වී! එයා ගැන ඉතින් කියලා වැඩක් නෑ. ඔය දුෂ්ටි ඉතින් විශ් කරනවා කියලා ගෙදර වටේ ඉන්න හැමෝගෙම උපන්දිනවලට විශ් කරන්න ඈ!

ත්‍රිශ්වී මාලිගාවට ගිහින් ආයේ එන ගමන් මාත් එක්ක ආවේ ෂොපින් මෝල් එකට. මොකට ආවද මන්ද එයා හැම තැනම කැරකි කැරකි හිටියා ඇරෙන්න මෙලෝ දෙයක් ගන්න පාටක් නම් තිබුනේ නෑ. එන්න එන්න සෙනග එක්කෙනා දෙන්නා අඩුවුණේ මට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරලා.

"හහ්! දැනෙන නිදහස!"  ෂොපින් මෝල් එකේ මායි ත්‍රිශ්වීයි ඇරෙන්න ඉතුරු වුනේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් විතරයි. මෙයා ෂොපින් මෝල් එකේ ඔක්කොමලව යැව්වද! දුෂ්ටි!

"මොකෝ බලන්නේ!? ඕන දෙයක් තියනවානම් ගිහින් ගන්න." ත්‍රිශ්වී මටත් පුප්පලා ගියේ ස්ටාෆ් එකේ ගෑනු කෙනා එක්ක. මමත් ඉතින් තැන තැන කැරකිලා එක එක බඩු බැලුවා. ලස්සන වොච් එකක්‌ තිබ්බා ඒත් දෙවියනේ ඒකෙ ගාන! ලක්ෂෙකට මිනිහෙක් වොච් එකක් ගන්නවා ද!? අනික මෙහෙ හිත යන හැම බඩුවක්ම මන් ඉතුරු කරලා තියන ගානටත් වඩා ගණන් වැඩි!!
.
.
.
.
.
.
.
"ඒය් යමුද?"  කොහෙන්දෝ ආපු ත්‍රිශ්වී මට ඇවිත් තට්ටුවක් දාලා ඇහුවම මමත් හා කියලා ඔලුව වැනුවා.

"අහ්හ් මේ ඔයාගේ තෑග්ග.." කාර් එකට නැග්ගම ත්‍රිශ්වී මට පොඩි පෙට්ටියක් දික් කලේ දගකාර හිනාවක් එක්ක. දෙවියනේ! මේ අර ලක්ෂයක් විතර වටින වොච් එක නේද! මේ දුෂ්ටිට පිස්සු ද?

"කුමරියනි මේක!?"

"නෑ නෑ. මේක පොඩි තෑග්ගක් විතරයි."

"ඒත් ඔයා කොහොමද!?"  මන් අහද්දී ත්‍රිශ්වී උරහිස් හැකිලුවේ දන්නේ නෑ කියන්න. අනේ මන්ද! අදත් පුරුද්දක් විදිහට ත්‍රිශ්වී අය්ස් කාට් එකක් ළග නතර කරන්න කියලා කෑ ගැහුවා.

"අදත් සල්ලි ගෙවනවා ද?"  පොඩි වෙලා තිබ්බ සීයේ නෝට්ටුව මන් ත්‍රිශ්වීට දුන්නම ඒකත් උදුරන් දුවපු එයා ආයෙම ආවේ අය්ස්ක්‍රීම් දෙකකුත් අරගෙන.

ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ ᴀɴᴅ ᴍᴇ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Kde žijí příběhy. Začni objevovat