CINDERELLA_AND_ME_10

27 6 0
                                    

සිහස්න POV

ආර්යන්වත් භාරදීලා මාලිගාවේ වැඩ ටිකකුත් බලලා කරලා ත්‍රිශ්වී ආවේ පැය දෙකකටත් පස්සේ. ඒ අතරතුරේ මන් ගියේ රිශ්මිව හම්බෙන්න. කෝට්ටක් වගේ කෙට්ටුවට හිටපු රිශ්මි දැන් හුගක් ලස්සන වෙලා. ලබන සතියේ එන එයාගේ උපන්දිනේට අනිවාර්යෙන් රිශ්මිව හම්බෙන්න එන්න කියලා පුංචි කෙල්ල මට සැරෙන් කිව්වා.

මෙහෙට ආවේ ආර්යන්ව එක්කන් යන්න වුනත් එයාව මාලිගයේ තියාගෙන ටික කාලයක් බලා කියාගන්නයි මට ඕන වුනේ. ඒත් දැන් තත්වේ හාත්පසින්ම වෙනස්. සස්සා එදා ප්‍රිත්වී සර්ව හම්බෙලා ඇවිත් කිව්ව කතාවෙන් මට තේරුනේ ත්‍රිශ්වීට වගේම ආර්යන්ටත් ලොකු ජීවිත අවධානමක් තියනවා කියලා. මුලින්ම මෙයාලව මරන්න හදන මිනිහාගේ කතාව ඉවර කරන්න ඕනේ. එතකොට මටයි මගේ නංගිටයි පුළුවන් ආයෙම ගමට යන්න.

අතේ තිබ්බ ගඩොල් භාගෙටටත් වඩා පොඩි සුකුරුත්තමක්‌ වෙච්ච ෆෝන් එක කොට කොට මන් හිටියේ ත්‍රිශ්වීගේ පස්සෙන්. එයා හෙන ලොකු සාකච්චාවක්. මන් අදය් දැක්කේ මෙයා මෙහෙම වැඩක් පලක් කරනවා. ගෙදර හිටියත් වටේම ඉන්න මිනිස්සුන්ට රව රව ඉන්නවා නේ ඉතින්.

එහා දවසෙත් මාත් එක්ක මාලිගාවට ආපු ත්‍රිශ්වී,

"ම්ම් හරි එහෙම කරමු." කියලා එයා ඉස්සරහ හොඳ කෝට් සූට් ගහන් හිටපු කන්නාඩියාට කියලා නැගිටිද්දී මාත් මගේ ෆෝන් එක සාක්කුවට දාගත්තා.

ත්‍රිශ්වීට කාර් එකේ දොර ඇරලා දීලා එයා නැග්ගට පස්සේ මාත් ගිහින් ඩ්‍රය්වින් ශීට් එකේ ඉදගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා.

"සිහස්න ඔතනින් දකුණට හරවන්න."  මග දුරක් යද්දී හම්බුන අතුරු පාර දැකලා කුමරිය කියද්දී මාත් මුකුත් නොකියා කාර් එක දකුණට දැම්මා. මන් මීට කලින් මේ පාරට සස්සා එක්ක හරි ප්‍රිත්වී සර් එක්ක හරි ඇවිත් තියනවා. මගේ අනුමානේ හරි නම් මේ අපි යන්නෙ රාජකීයන්ගේ සොහොනට.

මන් හිතුවා හරි අතුරු පාර ඉවර වුනේ රාජකීය සොහොන ලගින්.

"මගේ පස්සෙන් එන්න එපා. මන්ම ඉවර වෙලා එන්නම්."  මමත් ඔලුව වනලා ත්‍රිශ්වී කියපු දේට එකඟ වුනා. මන් ආපු දවසේ ඉදන් දැක්ක දෙයක් නම් ත්‍රිශ්වී එයාගේ කිසිම දෙයක් කාත් එක්කවත් බෙදාගන්න කැමති නෑ. එයා හරියට කතා පොත්වල ඉන්න නපුරු කුමාරියක් වගේ. ඇත්තටම හුගක් නපුරුයි. එයා කැමති නෑ කවුරුත් එයා ගැන හොයලා බලනවට වගේම එයා කරන කියන දේට නීතී දානවට. ඒ කෙනා මරියා වුනත් එයා එහෙම්මමයි.

ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ ᴀɴᴅ ᴍᴇ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Donde viven las historias. Descúbrelo ahora