CINDERELLA_AND_ME_22

22 8 0
                                    

මරියා POV

වැඩිහිටි අයගේ කනෙන් රිංගන්න අමාරුයි කියන්නේ ඕකට තමයි. ආච්චිට තේරුණා මේ මෝඩ මිනිහයි මායි අතරෙයි තියන ටුරුන් ටුරුව. ඒ නිසාම ද මන්ද අපි දෙන්නව කුස්සියේ උයන්න දාලා එයා එයාගේ ගෙදරට ගියේ. හැටි විතරක් එල බට්ටා. ලීක්ස් කොලයක්වත් කපාගන්න බැහැ යන්නෙ නම් මිනිස්සු කපලා කොටන්න.

"ඔහෙට බැරිනම් දෙනවා මන් කරන්නම් සනසිදු."  ෂිට්. මේ මිනිහා ලීක්ස් කපන එක දාලා මන් දිහා හිනාවෙවී බලනවා නේ. පුරුද්දට පරණ විදිහට කතා කලාට මන් එයා එක්ක තාම තරහයි. ඒත් කොහොමද තරහ වෙන්නේ. එයා කියුට් දෙවියනේ.

"ඕනේ නෑ මරියා. ඔයා අර අල ටික බලන්න කෝ. මන් මේක කරන්නම්." ඔයාගේ කැමැත්තක් මෝඩ එල බට්ටෝ.

"ඒක නෙවෙයි කොණ්ඩේ ගෙතුවම ඔයා ලස්සනයි."

"හරි හරි. ඒක මට පේනවා."

"ඔයා තරහ ද?"

"මොකටද?"

"මන් එදා රන්ඩුවෙන් පස්සේ ඔයා එක්ක කතා කරන්න ට්‍රයි නොකළ නිසා."

"ඒ කොහොමත් ඔයාගේ හැටි කියලා මන් දන්නවා. ගින්දරට අත දාන්න කලින් අපි හිතන්න ඕනේ නේ."  මන් මොකද්ද ඒ කිව්වේ? ඇය් ගින්දර ට අත දාන්න ඕනේ? අපෝ ගමේ ඉදලා මන් දැන් ඒ විදිහටම හැදිලද මන්ද. ආච්චි තමයි සීයාට ඕවා කිය කිය මාත් එක්ක බනින්නේ. අල ටික බාලා මන් ඒවා සුද්ද කරද්දී ඇහුනේ සසනිඳු හිනාවෙනවා.

"මොකෝ තමුසේ ඔය හිනාවෙන්නේ?"

"නෑ මන් බැලුවේ කවදා ඉදන් ද ඔයාගේ ඔය මොලේ වර්ධනය වුනේ කියලා."  මේ මිනිහා කියන්නේ මන් ගොන් නාම්බෙක් කියලද. දෙන්නම් මන් තට. අල ටික පැත්තකට කරලා මන් උණු වතුර භාජනේ අරන් ගියේ මේ මිනිහගේ කට පුච්චන්න. මෙච්චර කල් උන්නද නැද්ද කියලා බලන්නේ නැතුව එනවා මට අනං මනං කියන්න. මහා සතෙක්!

"ඔය මොකද කරන්නේ? මරියා ආවොත් අනිනවා."

"අනිනවා බලන්න. තමුසේ එච්චරයිනේ ඉතින් නොකළේ. බොරුකාරයා."

"බොරුකාරයා කියලා විතරක් කියන්න එපා. එදා මගේ තැන හිටියොත් ඔයත් කරන්නේ ඕකමයි."

ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ ᴀɴᴅ ᴍᴇ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now