CINDERELLA_AND_ME_12

23 6 0
                                    

සිහස්න වෙනදට වඩා ටිකක් වේගයෙන් අද වාහනේ ඩ්‍රයිව් කලේ. මන් මුකුත් නාහා හිටියේ එයාට තරහා ගිහින් තියෙන්නේ කියලා මූණෙන් පෙනුන නිසාමයි. මාලිගාව ළග එයා බ්‍රේක් කලත් මන් හිතුවේ හෙන හය්යෙන් බ්‍රේක් කරයි කියලා. ඒත් එහෙම නෑ. තරහා ගියත් එයා හරි පරිස්සම්.

අද මට සාකච්චා කිහිපයක් තිබුන නිසා ඔක්කොම වැඩ ඉවර කරන්න පැය ගානක් ගියා. ඒ හැමවෙලේම සිහස්න මගේ පස්සෙන් ආවා. මන් සමහර වෙලාවට ඇවිදිද්දී හිතපු නැති වෙලාවට නවතින්නේ සිහස්න ඇවිත් මගේ ඇගේ හැප්පෙන්න යන නිසා. මහා පිස්සෙක්.

තාත්තා හැමදේම කලින් ඉදන්ම ලෑස්ති කරලා. මට වයස විසි පහක් වෙනකම් කරන්න ලොකු ලොකු දේවල් නෑ. ඒ අතරතුර මේ දේවල් ගැන අවබෝධයක් ගන්නයි මට පුංචි පුංචි වැඩ කිහිපයක් ඉතුරු කරලා තියෙන්නේ. මගේ තාත්තා හුගක් වගකීම් සහගත කෙනෙක්. මට එයාව හුගක් මතක් වෙනවා.

ආයේ ගෙදර එද්දී හුගක් රෑ වෙලා තිබුනා. මට මහන්සියටම නින්ද ගියත් කාගේදෝ ස්පර්ශයක් මගේ ඉණ වටෙන් දැනෙද්දී මන් ඇහැරුනා. ඒත් ඒ ස්පර්ශය සිහස්නගේ. මන් ඉක්මනට ආයේ ඇස් වහගත්තා. මන් හිතනවා එයා දැක්කේ නෑ කියලා. මාව මගේ කාමරෙන් තියලා මරියටත්,

"මේ නපුරිව බලාගන්නවා පිස්සු කරන්නේ නැතුව. අනික දැන් ඔහෙත් නිදාගන්නවා "  කියලා කාමරෙන් එලියට ගියා.

"මුන් දෙන්නා සෙට් වුනාම තමයි මන් කසාදයක් කරගන්නේ!!"  මරියා මන් නිදි කියලා හිතන් කියපු දේ ඇත්තටම මට ගෙනාවේ අමුතු කියාගන්න බැරි හැඟීමක්.

ඊළඟ දවසේ මන් නැගිට්ටේ පුදුම සතුටකින්. හොඳ ඇදුමකුත් දාගෙන මන් පහලට ආවේ දැනුන ලොකු බඩගින්න නිවාගන්න තිබුන උවමනාව නිසා. මන් පහලට එද්දී දැක්කේ සසනිඳු එක්ක ප්‍රැක්ටිස් ඉවර වෙලා එන සිහස්නව. එයා හරි ලස්සනයි. එයාගේ මූණෙන් බේරෙන දාඩිය එයා අතේ තිබ්බ තුවායෙන් පිහදන ගමන් සසනිඳු එක්ක ලොකු කතාවක. ඒ නිසාමයි එයා මාව දැක්කෙත් නැත්තේ! මාවත් පහුකරන් ඇන්ටිලා දෙන්නෙක් වගේ අර ඩබල කතා කර කර යනවා.

සිහස්න POV

උදෙන්ම සුපුරුදු විදිහට ප්‍රැක්ටිස් කරලා එද්දී මන් දැක්කේ පහලට එන ගමන් ඉන්න ත්‍රිශ්වීව. මන් ඕනකමින්ම එයාව දැක්කේ නෑ වගේ ආවා. ලගදි ඉදන් මට මොකක් හරි වෙලා මන් හිතන්නේ. මේ නපුරිව දැක්කම හෙන හය්යෙන් හාට් එක ගැහෙනවා. මුටත් නටන්නම ඕනේ ඒ වෙලාවට නේ. කෝකටත් ගැම්මෙන් ඉන්න ඕනේ. ඒත් ඕනේ නෑ.

ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ ᴀɴᴅ ᴍᴇ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now