CINDERELLA_AND_ME_28

39 6 0
                                        

අවුරුදු පහක්!! ඔව් අවුරුදු පහක්! ඇසිපිය ගහන වේගෙන් අවුරුදු පහක් ගෙවිලා ගිහින්. මේ අවුරුදු පහට හැමදේම හුගක් වෙනස් වෙලා. අපේ ජීවිත හැම එකක්ම ගෙවෙන්නේ සතුටෙන්. හිතාගන්න බැරි මිනිස්සු අපේ ජීවිතවලට ඇවිත් හිතාගන්න බැරි මායාවන් කරනවා. එහෙම මගේ ජීවිතේට ආපු කෙනෙක් තමයි සිනායා.

පව්ලේ අයත් එක්ක නගරෙට ඇවිත් පදිංචි වුන මන් අලුතෙන් හිතට කැමති විදිහේ රස්සාවක් කරන්න පටන්ගත්තා. මගේ ඔෆිස් එකට එහා පැත්තේ තියන පුංචි බුක්ෂොප් එකේ වැඩ කරන කෙල්ල තමයි සිනායා. මරියා වගේමයි. දගය් වගේම කටකාරයි.

එතකොට සස්සා ගැන කිව්වොත් ඌ පරණ විදිහට කතා කරලා හිටියත් කලින් හිටපු එකා නෙවෙයි දැන් ඉන්නේ. වෙනදට වචන දාහක් කතා කරන එකා දැන් වචනයක්වත් කතා කරන්නේ නැති තරම්. ඒත් උගේ වෙනසට අපි හැමෝම හැඩගැහිලා ඉවරයි. සිනායා අවුරුදු තුනක් තිස්සේ සස්සාගේ හිත දිනාගන්න හැදුවත් ඒක වැඩකට ඇති දෙයක් වුනේ නෑ. ඒ පැත්තෙන් බැලුවොත් මට සස්සා එක්ක තරහයි. සිනායාගේ අඩුවක් මට පේන්නේ නෑ ඒත් ඇය් ඌ මේ කෙල්ලට අකමැති කියලා මට හිතාගන්න බැහැ.

වැඩ ඇරිලා ගෙදර යන ගමනේ මන් දැක්කේ පාර මැද්දට වෙලා මහා හය්යෙන් කෑ ගගහා අඬන සිනායාව.

"ඒය් පිස්සි!? වාහනයක් ඇවිත් හප්පන් යයි. නැගිටිනවා!!!" කොන්ඩෙත් පිස්සියක් වගේ කඩාගෙන ඉන්න සිනායාව නැගිට්ටවන්න හැදුවට මට එයාගේ අගලක්වත් හොලවන්න බැරි වුනා. කෝට්ටක් වගේ හිටියට පුදුම බරයි.

"අය්යේ!! අර මෝඩ මිනිහා මට කිව්වා, මන් මහා පගර නැට්ටියක් ලු.. ලැජ්ජාවක් නැල්ලු මට!!"

"ඒ ඇය් ඒ?"

"මේකයි ඔය මිනිහා පොතක් ගන්න කඩේට ආවා. ඒ පොත රාක්කෙ ටිකක් උඩ හරියක තිබුනේ. මන් ඉතින් ඕක ගන්න ගියාම ලෙස්සිලා වැටුනා. කරුමේ කියන්නේ මන් වැටිලා තියෙන්නේ අරුගේ ඇග උඩට. එයා හිතලා තියෙන්නේ මන් ඕනෑකමින් කරා කියලා. බැනගෙන බැනගෙන ගියා." අනේ මන්ද පොඩි උන්ටත් තියන ප්‍රශ්න. මන් මගේ කෙල්ලව අවුරුදු පහකින් දැකලා නෑ. මට දැනුයි එයාගේ අගේ තේරෙන්නේ. මොනවා උනත් නපුරුයි වගේ හිටියට එයාගේ හිත හොඳයි.මගේ සින්ඩරෙල්ලා..

ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ ᴀɴᴅ ᴍᴇ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»حيث تعيش القصص. اكتشف الآن