03

750 133 28
                                    

Trip day

හරියටම පාන්දර තුනයි තිහ වෙද්දි ජිමින්ලගෙ ගෙදර හැමෝම ඇහැරිලා ට්‍රිප් එක යන්න බඩු ලැහැස්ති කරන ගමන් හිටියෙ... ඉතින් එතනම එක කාලගෝට්ටියයි...

" අත්තෝ!! අපි ආවාආ... "

ටිකකින් හැමෝටම ඇහුනෙ යුන්ගිගෙ කටහඩ... යුන්ගි එයාගෙ ඔම්මයි,අක්කයි එක්ක ඇවිත් හිටියා...

" ආහ් උබ ආව එක හොඳයි... කොල්ලො අර කුස්සියෙ අස් කරලා තියෙන කෑම බාස්කට් ටික එලියෙන් තියහම්කො.. "

ජිමින්ගෙ අප්පා ආපු ගමන් යුන්ගිට වැඩක් දෙද්දි බෑග් එකත් පුටුවකින් තිබ්බ යුන්ගි කුස්සියට දිව්වෙ ඒ වැඩේ කරන්න...

______________________________________

" කුකී මෙ අපි දෙන්නම එකම පාට අදිමුද? "

ජිමින් හිටියෙ අල්මාරියෙන් බිමට වට්ට ගත්තු ඇදුම් ගොඩ මැදට වෙලා ලස්සන එකක් තෝරන ගමන්, ඒත් එක්කම ආපු අයිඩියා එකක් තමයි පස්සෙ එයා ජන්කුක්ට යෝජනා කරේ...

" ඕන නෑ චිමී!! මං වැඩිය ඇදුම් ගෙනාවෙ නෑ... හතරක් පහක් වගේ දාගත්තෙ.. "

" ආහ් ඒකට කමක් නෑ.. මට පෙන්නන්නකො ඕවගෙ පාට.. "

" මේ ටික තමයි ඉතින්.. "

ජිමින් ඉදන් හිටපු තැනින් නැගිටලා ජන්කුක් ලගට ගියහම එයා එයාගෙ බෑග් එකේ ඇදුම් ටික ඇදට හැලුවා...

" අහ්.. මෙ තියෙන්නෙ සුදු එකක්! ඔයා මේක අදින්න.. මුලින්ම පන්සලකටනෙ යනවා කීවෙ..... "

ජන්කුක් ගෙ ඇදුම් ගොඩෙන් සුදු පාට ටී ශර්ට් එකක් හොයා ගත්ත ජිමින් ඒක ජන්කුක්ට දික් කරලා ආපහු තමන්ගෙ ඇදුම් ගොඩ ගාවට ගියා...

ටික වෙලාවකින් ඒ දෙන්නත් හොදට ඇද පැළදගෙන ලෑස්ති වෙලා බෑගුත් අරන් කාමරෙන් එලියට ආවා... ඒ එද්දි යුන්ගි කුස්සියෙ ඉදන් එලියට කෑම අදිනවා...

" ආහ් යුන්ගි පුතා.. වැඩ වගේ.. "

ජිමින් ගිහින් යුන්ගිගෙ පිටට එකක් ගැහුවාම ජිමින්ට රවපු යුන්ගි,

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Where stories live. Discover now