07

676 121 22
                                    

Jungkook pov );

බස් එක ස්ටාර්ට් කරාට පස්සෙ ටිකකින් පිටි පස්සෙ හිටපු අපේ චිමී ඇතුළු අනිත් අය මුළු බස් එකටම සංගීතය සපයන්න පටන් ගත්තා... එයාල ගොඩක් සතුටින් සිංදු කිය කියා නටන්න ගත්තෙ ඉස්සරහ හිටපු තරුණ අයත් තම තමන්ගෙ සීට් වලින් නැගිටලා නටන්න ගද්දි,

මටත් ඕන උනා නැගිටලා එයාල එක්ක විනෝද වෙන්න!

ඒත් ඒක කරන්න බැරි උනේ දැනටමත් කෙනෙක් මගේ උරහිසට බර වෙලා හොදටම නිදාගෙන හිටපු නිසා... ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ ටේහ්‍යුන්ග්!

එයා හරියට නිදාගෙන ඉන්නෙ ඊයෙ රෑ ගොඩක් මහන්සි වෙලා වැඩ කරා වගේ... අනේ මන්දා, ඒත් එයා නිදාගෙන ඉද්දි එයාගෙ මූණෙ තියෙන කඩවසම් භාවය නැති වෙලා ගිහින් පොඩි හුරතල් ගතියක් එනවා...

" කුකී එන්න නටන්න.. "

මං එයාගෙ ලස්සන අස්සෙ හැංගිලා ඉද්දි එකපාර ගැස්සුනේ චිමී කතා කරපු නිසා

" දැන් බෑ චිමී.. ඔයාල නටන්න.. මේ අයියට නින්ද ගිහින්නෙ.. "

" ආහ් ඒකට කමක් නෑ.. එයානෙ නිදි ඔයා නෙවෙයිනෙ... "

චිමී එහෙම කියලා හැදුවෙ මගෙ අතින් ඇදලා ගන්න... ඒත් එයාව එහෙමම නැවතුනේ ටේහ්‍යුන්ගෙ ගොරෝසු කටහඩට...

" දැන්ම මැරෙන්න ආසාවක් නැත්තම් එයා කියපු දේ අහලා යන්න! "

God! මෙයා ඇහැරිලද හිටියෙ?... මං ඉක්මනට ටේහ්‍යුන්ග් දිහා බැලුවා... ඒත් එයාගෙ ඇස් නම් පියවිලා... ආශ්! හෙන කට්ටයි මෙයා....

Jungkook pov end );

" හහ්.. තමුසෙ මරයි මාව! මෝඩ ඌරා... මාව මැරුවොත් කොහොමත් මං තමුසෙට මගේ මල්ලිව දෙන් නෑ.. "

ජිමින් හයියෙන් ටේහ්‍යුන්ග්ට කෑ ගහල කියද්දි මෙච්චර වෙලා බොරුවට ඇස් පියාගෙන හිටපු ටේහ්‍යුන්ග් ඇස් ඇරලා ජන්කුක්ගෙ උරහිසෙන් ඔළුව ගත්තා...

" මොකක්ද කිව්වෙ? "

ටේහ්‍යුන්ග් සීරියස් බැල්මකින් ඇහි බැමක් උස්සලා නපුරු විදිහට ජිමින්ගෙන් අහද්දි කෙල ගුලියක් ගිලපු ජිමින්,

" හි.. මොකුත් නෑ අයියෙ මෙ.. මං කීවෙ කුකීව ඔයාට කවදහරි බන්දලා දෙන්නෙත් මෙ මංමයි කියලා.. "

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Donde viven las historias. Descúbrelo ahora