END

902 124 37
                                    


" මං දන්නවා ඔයාට එකපාර උත්තරයක් දෙන්න අමාරුයි කියලා.. ඒත් ඔයා අඩුම මට ආදරෙයි නම් මගේ වෙන්න කැමතියි නම් මට මේ සින්දූර් ඔයාගෙ නලළෙ ගාන්න ඉඩ දෙන්න!! "

ටේහ්‍යුන්ග් හෙමිහිට ඒ දේවල් කියන ගමන් ජන්කුක්ගෙ ඇස් ඉස්සරහම සින්දූර් ටිකක් තමන්ගෙ මහ පට ඇගිල්ලෙ තවර ගත්තා!!

ඒත් ජන්කුක් හිටියෙ ගොඩක් සංවේදී වෙලා.. එයාට මොනවද කියන්න ඕන කියලා තේරුම් ගියෙ නෑ.. ඒ වගේම එයා මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ!!

" ට්-ටේහ්‍යුන්ග් "

" මට ඉඩ දෙන්න ජන්කුක්!! "

ටේහ්‍යුන්ග් මහපට ඇඟිල්ලෙ තවර ගත්තු සින්දූර් ජන්කුක්ගෙ නලළ ගාවට ලං කරනවත් එක්කම ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගන්න හැදුවත් අවසානෙ උනේ ටේහ්‍යුන්ග් ඒ අත මගෑරලා ජන්කුක්ගෙ නලළෙ සින්දූර් තවරපු එක!!

ජන්කුක් ගෙ ඇස් පියවිලා ගියා.. එයා හයියෙන් හුස්ම ගත්තා... වචනෙන් කියන්න බැරි ශක්තිමත් බැදීමක් එයාල දෙන්න වටේ උණුසුම්ව කැරකෙනවා කියලා ජන්කුක්ට දැනුනා...

එයා ආපහු ඇස් ඇරලා බලද්දි එයා දැක්කෙ ටේහ්‍යුන්ගෙ ආදරය පිරුණු අවංක ඇස්!! ජන්කුක් ගෙ හදවත රිද්මයකින් ගැහෙන්න ගද්දි ටේහ්‍යුන්ග් පහලට නැවිලා ඔහුව සිපගන්න ගත්තා.

ඒ දෙන්නගෙ ආදර කතාව එතනින් පටන් ගද්දි සතියකට පස්සෙ කරපු වැරදි වලට ජෙනීට බරපතල වැඩ සහිතව අවුරුදු පහක සිර දඬුවම් ලැබුනා. තවදුරටත් ජෙනීගෙ පැත්තට එකදු රසිකයෙවත් හිටියෙ නෑ. හැමෝම වගේ ඇයව දෝෂා රෝපණයට ලක් කරා.

<>

After two weeks,

" ඔයා යනවද ? "

හදිසියෙම entertainment එකට ආපු ටේහ්‍යුන්ග්ට දැකගන්න ලැබුනෙ සෝජුන් කැබින් එකේ තියෙන එයාගෙ බඩු අස් කරනවා,

" අහ් ටේහ්‍යුන්ග්..

දොර පැත්තෙන් ටේහ්‍යුන්ගෙ කටහඩ ඇහෙද්දි මොකක් හරි දෙයක් දිහා බලන් ඉදපු සෝජුන් ගැස්සිලා ඒ දෙ ටේබල් එක උඩින් තියල ටේහ්‍යුන්ග් වෙතට මද සිනහවක් පා කරා...

𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅Where stories live. Discover now